වෛද්‍ය සභා සභාපති ගැන විමර්ශනයක් ඕනෑ

GMOA සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලයි

ශ්‍රියානි විජේසිංහ:

ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ සභාපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහාම විමර්ෂණයක් ආරම්භ කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිනියගෙන් ඉල්ලා සිටියි.

සෞඛ්‍ය ඇමතිවරයෙකු ලෙස සිටි රාජිත සේනාරත්න මහතා තම හිතවතුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පත් කර ඇති බැවින් එහි ස්වාධීනත්වයට බරපතල හානියක් සිදු වූ බවත් වෛද්‍ය සභාවේ පුරප්පාඩු පිරවීමට ඔහු කටයුතු නොකල බවත් සංගමය පෙන්වාදේ.


ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය ආරක්ෂා කිරිම සදහා වෛද්‍ය ආඥාපනතට අනුව පිහිටා ඇති ආයතනයක් යැයි සංගම‌යේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා සදහන් කරයි.

සෞඛ්‍ය ඇමතිවරයාව සිටි රාජිත සේනාරත්න මහතා තම පෞද්ගලික කාර්යය මණ්ඩලයේ පිරිස් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පත් කිරීමෙන් එහි ස්වාධීනත්වයට හා පිලිගැනීමට බරපතල හානි සිදුවූවේ යැයිද හෙතෙම පෙන්වාදේ.

වෛද්‍ය සභාවේ පුරප්පාඩු පැවතියද එය පිරවීමට සභාපතිවරයා වසර හතරක පමණ කාලයක සිට කටයුතු කර නොමැති බවත් එමගින් වෛද්‍ය සභාව කටයූතු දුර්වල තත්ත්වයකට ඇද වැටෙනු ඇති බවත් සංගමය පෙන්වාදේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෛද්‍ය සභාවේ පුරප්පාඩු වී ඇති තනතුරු වහාම පිරවීමට කටයුතු කළ යුතු බවත් සභාපතිවරයාගේ විශ්වාසභංග වන ප්‍රකාශ පිලිබදව විමර්ෂණය කිරීමට පූර්ණ බලැති කොමිෂන් සභාවක් පත්කර ගත යුතු බවත් සංගමයේ මධ්‍යම කාරක සභාව සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Exit mobile version