වෛද්‍ය ෂාෆි නිදහස් කළාම SSPට කෝල් කළ බව පුළුවන් නම් තහවුරු කරන්න – මන්ත්‍රී රිෂාද්

අත්අඩංගුවට ගෙන සිටි දොස්තර ෂාෆි සහබ්දීන් ඇප මත මුදාහැරීමෙන් පසු තමා කුරුණෑගල හිටපු ජේෂ්ඨ පොලිස් අධිකාරී, මහින්ද දිසානායක මහතාට දුරකථනයෙන් කථා කල බව “සම්පූර්ණයෙන් අසත්‍යයක්” බවත් දුරකථන සංවාද ලබාගෙන ඒ බව තහවුරු කරගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදින් මහතා සිය නීතිඥයා මගින් ජනාධිපති කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

ජනාධිපති කොමිෂන් සභාවට ලිපියක් යවමින් රිෂාඩ් බදියුදින්ගේ නිතිඥවරයා සදහන් කරන්නේ, මහින්ද දිසානායක මහතා සදහන් කරන පරිදි ඔහු සමග තම සේවාදායකයා දුරකථනයෙන් හෝ වෙනත් ආකාරයෙන්කථා කර නොමැති බවයි. ඔහු සදහන් කරන්නේ එමගින් “දිසානායකගේ අසත්‍ය සාක්ෂි තහවුරු කර ගත හැකි බව මාගේ සේවාදායක විශ්වාස කරන බවද” ඔහු සදහන් කරයි.

එසේම නීතිඥවරයා කොමිෂමට අවධාරණය කර සිටින්නේ ඔහුගේ සේවාදායක විසින් කොමිෂමට ඉදිරිපත් කරන ලද දිවුරුම් පෙත්සම මගින්, කොමිෂම විසින් ඉදිරිපත් කරන ලද සියලු කරුණු සදහා, ඇතැම් කරුණු නීතිමය නොවන ආකාරයට ඉදිරිපත් වුවද, උත්තර සපයා ඇති ඇති බවයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දුරකථන සංවාද ආදිඅසත්‍ය කරුණු සම්බන්ධයෙන් මාධ්‍ය මගින් සිදු කලපුඵල් ප්‍රචාර මගින්තමාගේ සේවාදායකට මානසික පීඩාවක් හා හානියක් සිදු වූ බවද නීතිඥවරයා කොමිෂමට කියා සිටී.

Exit mobile version