වෛද්‍ය ප්‍රසන්න ගුණසේන යළිත් ඖෂධ සංස්ථා සභාපතිකම අත්හරී

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා යළිත් වරක් එම ධුරයෙන් ඉවත්ව ඇති බව වාර්තා වේ.

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයකු වන හෙතෙම මෙම ධුරයෙන් ඉවත්ව යළිත් සිය වෘත්තීය කටයුතුවලට වැඩි අවධානයක් යොමු කිරීමට තීරණය කර ඇති බව ඒ මහතාට සමීප ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

මෙම රජය ආරම්භයේ සිටම ඖෂධ සංස්ථාවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඉල්ලා අස්වීමට සූදානම් විය.


එහිදී ජනාධිපතිවරයාගේ ඉල්ලීම මත තවදුරටත් රැඳී සිටි ඔහු අප්‍රසිද්ධියේ සිය ධුරය අතහැර ඇතැයි මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොවිඩ් වසංගත තත්ත්වයට එරෙහි එන්නත්කරණයට ලක් කිරීමේ කාර්යයේදී තීරණාත්මක කාර්යයක් ඉටුකරන ලද්දේ විශේෂඥ වෛද්‍ය ගුණසේනය.

Exit mobile version