වෛද්‍ය ජයරුවන් කළ අපරාධය කුමක් ද?.  සී.අයි.ඩීයත්  හෑල්ලු කරන්න එපා! වෘත්තීය සමිති කියයි..

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර අපරාධ පරීක්ෂණයකට ලක් කළ  යූ ටියුබ් සාකච්ඡාවට අදාලව සිදුව ඇති අපරාධය කුමක්ද යන්න පැහැදිළි නැති බවත් ඔහු  විසින් රට හමුවේ තබන ලද අතිශය සාධනීය කරුණු පිළිබඳ විධිමත් තාක්ෂණික ඇගයීමක් කැඳවා රටට සහ ජනතාවට යහපතක් සැලසීම වෙනුවට ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගෙන්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් හෑල්ලු කිරීමක් බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් පර්ෂදය එම නිවේදනයේ මෙසේ ද සඳහන් කරයි.

PCR සහ රැපිඩ් ඇන්ටිගෙන්වල මිළ ගණන් පිළිබදව ඔහු කළ ප්‍රකාශයේ අසත්‍යතාවයක් පෙනෙන්නට නොමැත.  සෞඛ්‍ය අමාත්‍යාංශයට අවශ්‍යතාවයක් ඇත්නම් PCR කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත්, රැපිඩ් ඇන්ටිජන් කට්ටලයක් රුපියල් 800/- වඩා අඩු මුදලකටත් ලබාදීමේ හැකියාව පවතී. ඖෂධ නියාමන අධිකාරයේ අනුමැතිය නොමැතිව දීර්ඝ කාලයක් තිස්සේ හිරවී ඇති නිෂ්පාදන කඩිනමින් ලබා ගැනීමට හැකිය.


මෙම තොරතුරුවල සත්‍ය අසත්‍ය බව කඩිනමින් සොයා බලා, මහජනතාවට, රටට සහ රජයට වාසි සැලසීම වෙනුවට, තොරතුරු ලබාදෙන නිළධාරීන් දණ්ඩනයට, මර්ධනයට සහ බිය වැද්දීම්වලට ලක් කර සත්‍ය තොරතුරු වාර්ථාවීම වලක්වා ගැනීම, දූෂිත නිළධාරීන්ගේ ක්‍රමවේදයකි.

එබැවින්, ජයරුවන් බණ්ඩාර මහතා හෙලිදරව් කරන ලද කරුණු පිළිබද  කඩිනම් තාක්ෂණික විමර්ශනයක් සිදු කර එයින් රටට හා මහජනතාවට ලබා දිය හැකි වාසි සැලසීම සඳහා කඩිනමින් කටයුතු කරන ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම ඒ අරභයා අපරාධ පරීක්ෂණයක් සිදු කිරීම සියුම් බියවැද්දීමක් සහ නිවැරදි තොරතුරු වාර්ථාවීම වැලක්වීම සඳහා ගනු ලබන ක්‍රියාවක් මෙන්ම, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්යන් හෑල්ලුවට ලක් කිරීමක් බව අප විශ්වාස කරමු.

Exit mobile version