වෛද්‍ය උපදෙස් මත සම්පන්ධන් ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ට…

දිනසේන රතුගමගේ –

වෛද්‍ය උපදෙස් මත දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මන්ත්‍රීවරයා ක්‍රියාකාරී දේශපාලන කටයුතු වලින් ඉවත්ව විවේක ගැනීමට තීරණය කොට ඇති බව 19 දා දෙමළ ජාතික සන්ධානය විසින් නිකුත් කරණ ලද නිවේදනයක සදහන්වේ.

සම්පන්ධන් මන්ත්‍රීවරයා සිය මන්ත්‍රී ධුරයෙන්ද ඉවත්වීමට ඉඩ ඇති බවට දෙමළ ජාතික සන්ධානයේ තවත් පිරිසක් ප්‍රකාශ කළ නමුත් පක්ෂය විසින් නිකුත්  කරන ලද නිවේදනයේ ඒ බවක් සඳහන් නොවේ.

කෙසේ වෙතත් සම්පන්ධන් මන්ත්‍රීවරයාට දැඩි විවේකයක් මේ අවස්ථාවේදී අවශ්‍ය බැවින් වෛද්‍යවරුන්ගේ නිර්දේශයන් මත ඔහු ඇඳ විවේක ගනිමින් සිටින අතර ඔහු දේශපාලන සාකච්ඡා මාධ්‍ය හමුවීම් හා අමුත්තන් මුණගැසීම තාවකාලිකව නතර කොට තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් සම්පන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකත්වයෙන් ඉවත් වීමක් හෝ ඒ වෙනුවට වැඩ බලන නායකයෙකු පත් කොට නොමැති බවද දෙමළ ජාතික සන්ධානයේ නිල නිවේදනයේ සදහන් වෙයි.

Exit mobile version