වෛද්‍යවරියක් සේ පෙනී සිට තමන් සමග නිරෝධායනවන කාන්තාවන්ගේ තොරතුරු රහසින් එකතු කළ මුස්ලිම් කාන්තාවක් අත්අඩංගුවේ…

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පිටරට සිට පැමිණෙන කාන්තාවන් නිරෝධායනය කිරීම සඳහා වේයන්ගොඩ නයිවල පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයවන කාන්තාවක් තමන් සමග නිරෝධායනය වන අනෙක් කාන්තාවන් පිළිබඳ තොරතුරු රහසිතගතව රැස් කරමින්

සිටිය දී පොලිස් බුද්ධි අංශ මගින් ඊයේ (20) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවත් මූලික විමර්ශනවලදී ඇය සතු ගමන් බපත්‍රය ව්‍යාජ එකක් බව හෙළි වී ඇති බවත් වේයන්ගොඩ පොලිසිය පැවසුවේය.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සැකකාර කාන්තාව සෞදි අරබියේ සේවය කරමින් සිට ලංකාවට පැමිණ මෙම කඳවුරේම නිරෝධායනය වෙමින් සිට ඇත. ඇය මුලතිව් ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවකි. සෞදි අරාබියේ සේවය කළ වෛද්‍යවරියක් බව කියමින් ඇය තමන් සමග සිටින අනෙක් කාන්තාවන්ගේ පුද්ගලික තොරතුරු එකතු කරමින් සිටිය දී සැක සිතුනු පිරිස් මේ සම්බන්ධව මධ්‍යස්ථාන පරිපාලනය කරන හමුදා අංශ වෙත දන්වා තිබේ.

අනතුරුව මේ පිළිබඳව වේයන්ගොඩ පොලිසියට දැනුම් දී ඇත. එම දැනුම්දීමට අනුව කාන්තාවගේ නිරෝධායනය නිමා වූ ඊයේ (19) දිනයේ දී ඇය අත්අඩංගුවට ගෙන විමර්ශන ආරම්භ කර තිබේ.

එහිදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව ව්‍යාජ ගමන් බලපත්‍රයක් සකසාගෙන වර්ෂ 2019 දී සෞදි අරාබියට ගොස් ඇති බවය. වර්ෂ 2001 දී ඉපදී සිටි ඇය ගමන් බලපත්‍රය සකසාගෙන අත්තේ වර්ෂ 1983 දී ඉපදී ඇති බව දක්වමින් යැයි ද ඇය මේ තොරතුරු එකතු කිරීමේ පදනම කුමක් ද, ඇයගේ පසුබිම කුමන ආකාරයක ද යන්න සෙවීම සඳහා මේ වනවිට රහස් පොලිස් විමර්ශනක් ද ආරම්භ වී ඇතැයි වේයන්ගොඩ පොලිසිය පවසයි.

මෙම තැනැත්තිය අද (20) අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්කිරිමට නියමිත බවත් අදාල විමර්ශන ක්‍රියාතමක බවත් වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වෑත්තෑව ලංකාසරට පැවසීය.

Exit mobile version