වෛද්‍යවරයකුට කොරෝනා වැළඳී ගම්පහ රෝහලේ ළමා වාට්ටුව වසා දැමේ

මූල්‍ය ආයතනයක ආසාදිත අයකැමිවරයකු ක්‍රිකට් මැච් එකකටත් ගිහින්

ගම්පහ මූලික රෝහලේ ළමා වාට්ටුවේ වෛද්‍යවරයෙකුට ද නව කොරෝනා වෛරසය වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. මේ අනුව එම වාට්ටුව තවකාලිකව වසා දමා ඇත.

commercial leasing and finance ආයතනයේ මුදල් අයකැමිවරයා ලෙස සේවය කළ තරුණයකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ජාඇළ කපුවත්ත ෆාතිමා මාවතේ පදිංචි 26 හැවිරිදි ඔහු IDH රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු මීගමුව, කොච්චිකඩේ සහ දංකොටුව commercial leasing ආයතන සමඟ පසුගිය සෙනසුරාදා මිනුවන්ගොඩ ක්‍රීඩාංගණයේදී පැවැති ක්‍රිකට් තරගයකට ද සහභාගි වී ඇතැයි වාර්තා වේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාලබේ ග්‍රාමීය බැංකුවේ විසි දෙනෙකු පමණ වන සියලුම කාර්ය මණ්ඩලය නිරෝධායනයට වහාම යොමු කර තිබේ. ඊට හේතු වී ඇත්තේ මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවය කළ රණාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු එම බැංකුව වෙත පැමිණ තිබීම හේතුවෙනි.

Exit mobile version