“වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය” ය තුළ සිටි විශ්‍රාමික මහාචාර්යවරයා  ඉවත් කිරීම පසුපස ව්‍යාපාරික බලු පොරයක්!

පසුගිය දා  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් conflict of Interests හෙවත් “ගැටළු සහගත ලබැඳියාවන්  පවත්වාගෙන යැම” යන  හේතුව මත වෛද්‍ය සභාවේ “වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය” තුළ සිටි එක්‌ ප්‍රකට විශ්‍රාමික මහාචාර්ය වරයෙක් එම ඒකකයෙන්  ඉවත් කර ඇත්තේ  පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා ඉදිරිපත් වී ඇති ආයතන දෙකක් අතර ඇති වී තිබෙන බල පොරයක් හේතුවෙන් ඉන් එක් ආයතනයක අවශ්‍යතාවය නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

“වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය”  තුළ සිටි මහාචාර්යවරයෙක්  වෛද්‍ය සභාවෙන් මුළු මනින්ම ඉවත් කිරීමට හිටපු  සෞඛ්‍ය අමාත්‍යවරයා  පසුගිය දා කටයුතු කළේය.

එසේ ඉවත් කළ විශ්‍රාමික මහාචාර්යවරයා තමන් සේවය කළ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන්  ඉවත් වූ පසු රුපියල් මිලියන 1.5ක මාසික වැටුපකට දැනට පුද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා ඉල්ලුම් කර ඇති ආයතනයක ප්‍රධාන වැඩ කොටසක් සඳහා සම්බන්ධ වී තිබේ. එම ආයතනයෙන් ආරම්භ කරනු ලබන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේත් මෙම මහාචාර්යවරයා විසිනි.


ඊට අමතරව තමන් සේවය කරන ආයතනයට තරගකාරී ලෙස ඉදිරිපත් වී සිටින අනෙක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට සූදානම් වන ආයතනයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් ද ඔහු කටයුතු කර තිබේ.  මෙම ආයතන දෙකම ලංකාවේ මුල්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලෙස තම ආයතනය ලියාපදිංචි කර ගැනීමට උත්සාහ කරමින් සිටින නිසා ඔවුන් අතර පහත් මට්ටමේ ව්‍යාපාරික බලු පොරයක් නිර්මාණය වි ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එහි ප්‍රතිඵලයක් එක් ව්‍යාපාරික ආයතනයක් ඉහළට ඔසවා තබමින් තමන්ට එම අවස්ථාව අහිමි කරන මහාචාර්යවරයා පැන්නීම සඳහා විශාල මුදලක්  තර්ජනයට ලක් වූ ආයතනය විසින් විසි කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස  මෙම මහාචාර්යවරයා  වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකයෙන්  පමණක් නොව වෛද්‍ය සභාවෙන් ද ඉවතට විසි වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Exit mobile version