වේලෙන උණවටුනට බලාපොරොත්තුවක් ගෙනා ජර්මන් සංචාරකයෝ….

ලලිත් චාමින්ද –

උණවටුණ වෙරළ තිරය දෙස් විදෙස් සංචාරකයින්ගේ පාරාදිසයකි. කොවිඩි වසංගතයත් සමග උණවටුණ වෙරළ තිරය  පාළුවට ගොස් තිබුණි. කලකට පසු උණවටුන වෙරළ තිරයේ සුන්දරත්වය විඳින්නට  ජර්මන් ජාතික විදේශිය සංචාරකයින් පිරිසක්    පැමිණ තිබුණි. 

එම  විදේශිය සංචාරකයින් වෙරළ තිරයේ පහස විදිමින් සිටින අයුරු දැකගත හැකිවිය. කොවිඩ් වසංගතය හමුවේ  හෝටල් ඇතුළු සංචාරක නිකේතන තවමත් වසාදමා ඇත.

කෙසේවුවද දෙසැම්බර් මාසය තුළදි උණවටුණ සංචාරක කලාපය තුළ යම් ප්‍රවර්ධනයක් ඇතිවෙතැයි   විශ්වාසයෙන් පසුවන බව  උණවටුණ  සංචාරක කලාපයේ හෝටල් හිමියෝ පවසති. උණවටුණ සුළු හා මධ්‍ය පරිමාණ  සංචාරක ව්‍යවසාකයන්ගේ  සංගමයේ සභාපති රූපසේන කොස්වත්ත  මෙසේ කීවේය.


උණවටුණ සංචාරක ව්‍යාපාරය බිංදුවට වැටිලා තියෙන්නේ. නමුත්  රුසියානු, යුක්රේන් එංගලන්ත  ජාතික සංචාරකයින් ලංකාවට ඒම සඳහා  දැඩි උනන්දුවකින් පසුවෙන බව පෙනී යනවා. මේ වනවිට උණවටුණ සංචාරක කලාපයේ හෝටල් හිමියන් සඳහා  ඇණවුම් ලැබෙමින් පවතිනවා. 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැම වසරකම උණවටුණට එන  විදේශිය සංචාරකයින් ලෝකයේ විවිධ රටවල ඉන්නවා. ඒ නිසා වසර 02කට පසු   උණවටුණේ සංචාරක කර්මාන්තය තුළ යම් වෙනසක් සිදුවේවි.  ඔහු වැඩිදුරටත් සදහන් කළේය.

Exit mobile version