වෙළෙඳාම ඉහළ නැංවීමට ඉන්දියාව හා ඉරාකය අතර සාකච්ඡා

තෙල් සිට තෙල් නොවන ක්ෂේත්‍රයන් දක්වා වෙළෙඳාම තවදුරටත් ඉහළ නැංවීමට හා විවිධාංගීකරණය කිරීමටත් ආර්ථික හවුල්කාරීත්වය සහ තාක්ෂණික කටයුතු පුළුල් කිරීමේ වැදගත්කම ද අවධාරණය කරමින් ඉන්දියාව හා ඉරාකය පසුගියදා සාකච්ඡාවක නිරත වූහ.

බැග්ඩෑඩ් හි පැවති ඉන්දියා-ඉරාක විදේශ කාර්යාල උපදේශනවල දෙවන වටයේදී දෙපාර්ශවය පුළුල් පරාසයක සාකච්ඡා පැවැත්වූ අතර එහිදී ඉන්දීය දූත පිරිස ලේකම් අවුසාෆ් සායිඩ් විසින් මෙහෙයවන ලද අතර ඉරාකයේ දූත පිරිස මෙහෙයවනු ලැබුවේ උපලේකම් හිෂාම් අල් අලවි විසිනි.

මෙහිදී දෙපාර්ශවය දේශපාලන, ආර්ථික, ආරක්ෂක, වෙළෙඳ හා ආයෝජන, සංවර්ධන හවුල්කාරීත්වය, ශිෂ්‍යත්ව වැඩසටහන්, සංස්කෘතික සබඳතා හා ජනතා සබඳතාවල වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් පුළුල් ලෙස සමාලෝචනය කළ බව විදේශ කටයුතු අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.


එම නිවේදනයට අනුව 2021-22 සඳහා ඩොලර් බිලියන 34 ඉක්මවූ ද්විපාර්ශ්වික වෙළඳාම පිළිබඳව දෙපාර්ශවය සිය තෘප්තිය ප්‍රකාශ කළ අතර තෙල් සිට තෙල් නොවන අංශ දක්වා වෙළඳාම තවදුරටත් ඉහළ නැංවීමට සහ විවිධාංගීකරණය කිරීමට ක්‍රම සහ විධි සාකච්ඡාවට ලක්ව තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඉන්දියානු සහ ඉරාක පාර්ශ්වයන් ආර්ථික හවුල්කාරිත්වය සහ තාක්‍ෂණය පුළුල් කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු කර ඇතැයි ‘ද ඉකොනොමික් ටයිම්ස්’ පෙන්වා දෙයි.

Exit mobile version