වෙළඳ ඇමතිවරයාගේ ෆාම් ඔයිල් අනුමැතිය සමූහ ඝාතනයක් – GMOA කියයි…

සමන්තිකා වීරවර්ධන –                                            

දැන දැන මිනිසුන්ට  විස කැවීම සමූහඝාතනයක් බැවින් ෆාම් ඔයිල් භාවිත වහාම තහනම කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැනුම් දී සිටියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ගේ  උපදෙස් මත ෆාම් ඔයිල් ආනයනය කිරීම සපුරා  තහනම් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබියදී බේකරි සහ බිස්කට් නිෂ්පාදනය සදහා පමණක් ෆාම් ඔයිල් ආනයන කිරීමට බලපත්‍රයක් නිකුත්  කරන බව වෙළඳ ඇමති බන්දුල ගුණවර්ධන සඳහන් කර තිබීම බරපතල තත්ත්වයක් යැයි සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද  සඳහන් කරයි.

දිනකට පිළිකා රෝගීන් 78 දෙනෙකු වාර්තා වන්නේ පරික්ෂා කළ රෝගීන් බවත් සොයා ගැනීමට නොහැකි පිලිකා රෝගීන් දහසක් පමණ සමාජය තුළ සිටිය හැකි බවත් ඔහු පෙන්වා දෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


රටේ පවතින දණ්ඩ නීති සංග්‍රහයට අනුව රටේ මිනිසුන්ට වස කැවිය නොහැකි බවත් දැන දැන මිනිසුන්ට වස කැවීම සමූහ ඝාතනයක් යැයිද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා සදහන් කරයි..

Exit mobile version