වෙරි පිට සර්පයෙක් කරේ දමාගෙන ගිය පුද්ගලයෙක් සර්පයා දෂ්ඨ කර මරුට…

දිනසේන රතුගමගේ –

මුලතිව් මාන්කුලම් කිවන්කුලම් ප්‍රදේශයේ පුද්ගලයෙකු බීමතින් සර්පයෙකු කරේ දමා ගෙන යාමේදී සර්පයා දෂ්ඨ කිරීමෙන් ඊයේ ( 17) දා මරණයට පත්ව තිබේ.

බාලසුන්දරම් ජගතීස්වරන් ( 47) නැමති මොහු සාදයකට සහභාගී වී රාත්රියේ ආපසු ඔහුගේ නිවස බලා එමින් සිටියදී මාර්ගයේ සර්පයෙකු සිටිනු දැක තිබේ.

අසල වූ මුගුරකින් සර්පයාට පහර දී මැරුණු බව සිතා කරේ දමාගෙන නිවස වෙත එමින් සිටියදී ඔහුට සර්පයා දෂ්ඨ කොට තිබේ.

පාරේ ගමන් කළ පිරිසක් ඔහු වැටී සිටිනු  දැක ඔහුව මාන්කුලම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුව කිළිනොච්චිය රෝහල වෙත මාරු කොට යවා ඇතත්   ඔහු සර්ප විෂෙන් මියගොස් තිබේ.


මියගිය පුද්ගලයා සම්බන්ධයෙන් කිළිනොච්චිය රෝහලේදී පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත් වූ අතර එම මරණය සර්ප විෂ ශරීර ගත වීම නිසා සිදු වූ මරණයක් බවට  වෛද්යවරු තීරණය කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මාන්කුලම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.

Exit mobile version