වෙන නමකින් පැමිණි සිරුර දිනුකගේ දැයි හඳුනා ගන්න ඩී.එන්.ඒ පරීක්ෂණයක්…

දේහයට කොවිඩ් පොසිටිව් උනොත් නිරොධායන නීතීය ක්‍රියාත්මකයි...

ඩුබායිහි සිට අද කටුනායකින් ලංකාවට ගෙන්වන ලද සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ කෙසෙල්වත්තේ දිනුක ගේ යැයි විශ්වාස කරන සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට යොමු කරන ලද්දේ ඒ ඔහුම දැයි තහවුර කරගැනීමට බව පොලිස් ආරංචි මාර්ග  පවසයි.

මේ තැනැත්තා විදේශගත වී තිබුණේ වෙනත් පුද්ගලයෙකුගේ නමක් සහිත ගුවන් ගමන් බලපත්‍රයකිනි. මෘත දේහය ඩුබායි සිට එවා ඇත්තේත් එම පුද්ගලයාගේ නමින් බව පොලිසිය පවසයි. එබැවින් මේ තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ පරීක්ෂාවක් මෙන්ම රටේ සම්මත සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේදයන්ට අනුව කොවිඩ් 19 පරීක්ෂාවක් ද සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

කොවිඩ් 19 පරීක්ෂාවේදී යම් ආකාරයකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වුවහොත් නිරෝධායන නීතීරීති අනුව දේහය ආදාහනය කිරීමට සිදුවනු ඇති බව ද එම ආරංචි මාර්ග කියයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වෙතත් මේ වනවිට කෙසෙල්වත්ත අවට සියලුම සැරසිලි පොලිසිය විසින් ඉවත් කර තිබේ. නිවස අසල ඇති අතුරු මාර්ගය ආවරණය වන ආකාරයට තනා තිබූ තාවකාලික මඩු ද පොලිස් මැදිහත් වීමෙන් ඉවත් කර ඇත.

Exit mobile version