වෙඩි කෑ පස්පොඩ්ඩා මිය යයි….

Death

අද (27) උදේ ගම්පහ උසාවිය අසල දී වෙඩි පහරකට ලක් වූ  පස්පොඩ්ඩා නැමැති පාතාල අපරාධකරු මියගොස් ඇති බව පොලිසිය කියයි.

අද උදේ ගම්පහ උසාවියේ නඩුවක් සඳහා පෙනී සිට නැවත පිටව යද්දී ගම්පහ උසාවිය අසල නගරසභා පිටිය ඉදිරිපිටදි  පස්පොඩ්ඩා ඇතුළු සිව් දෙනෙක් නාඳුනන ඝාතකයෙකුගේ වෙඩි පහරට ලක් වී බරපතල තුවාල සහිතව රෝහල් ගත කරනු ලැබුවේය.

පස්පොඩ්ඩා යනු කෙහෙල්බද්දර ජීවත් වූ  අපරාධ ගණනාවකට සම්බන්ධ පුද්ගලයෙකි. ගම්පහ ප්‍රදේශයේ පස් ජාවාරම සම්බන්ධ කුප්‍රකට කප්පම්කාර මැරයෙක් සේ ප්‍රකට පස් පොඩ්ඩා ඝාතනය වන්නේ ඩුබායි සිට ලැබුණු  කොන්ත්‍රාත්තුවකින් බවටත් මෙම ඝාතනය පසුපස මාකිලංගමුවේ සංජීව නැමැති අපරාධකරු සිටින බවත් පොලිසිය සැක කරයි.

උසාවියට නුදුරේදී පස්පොඩ්ඩා ඇතුළු කණ්ඩායමට වෙඩි තබා ඇත්තේ වැගන් ආර් වර්ගයේ රථයකින් පැමිණි වෙඩික්කරුවෙකි. ඔහු ටී 56 ගිනි අවියකින් පස්පොඩ්ඩා ඇතුළු පිරිස ගමන්ගත් වාහනයට වෙඩි තබා තිබිණි.


වෙඩි පහර කෑ සිව් දෙනෙක් අසාධ්‍ය තත්ත්වයෙන් ගම්පහ රෝහලට ඇතුළත් කරනු ලැබුවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වෙඩි පහර කෑ පස් පොඩ්ඩා අද රාත්‍රියේ  මිය ගොස් ඇත.

Exit mobile version