වීරසේකර හංසමාලි ලඟට තල්ලු කරන්නේ කොළඹ ඇමති කෙනෙක්…

සරත් වීරසේකරට දේශපාලනයත් එපා කරවන අභ්‍යන්තර සැලසුමක්...

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නිරූපිකාවක්වූ පියුමි හංසමාලි සහ මහජන ආරක්ෂාව පිළිබඳ කැබිනට් අමාත්‍ය අචාර්ය සරත් වීරසේකර සම්බන්ධ කරගෙන සමාජ මාධ්‍ය ජාලාවල දියත්ව ඇති ආන්දෝලනය නිර්මාණ කිරීම පසුපස කොළඹ දිස්ත්‍රික්කයෙන්ම තරග කළ පොහෝට්ටුවේ ඇමතිවරයෙක් සිටින බව වාර්තාව වේ.

මෙම ඇමතිවරයා කොළඹ ප්‍රධාන ජන බලවේගය ලෙස පෙනී සිටි බවත්, අද්මිරාල් සරත් වීරසේකර කොළඹට තරග කිරීම සම්බන්ධව බරපතලම ගැටලුව තිබුණේ ඔහුට බවත් දේශපාලන ආරංචි මාර්ග පවසයි.

වෙබ් අඩවි කීපයක් සම්බන්ධ කරගෙන හා සමාජ මධ්‍ය උපයෝගී කරගනිමින් මේ මඩ ව්‍යාපෘතියට උක්ත ඇමතිවරයා සමග පොහොට්ටුවේ තවත් ප්‍රබල දේශපාලන කණ්ඩායමක් ද එක් වී සිටින බවත් ජනාධිපතිවරයාගේ විශ්වාසවන්තයෙක් ලෙස වියත් මගෙහි ක්‍රියාකාරිකයෙක් වූ සරත් වීරසේකට දේශපාලනය එපා කරවන මට්ටමටම මේ ව්‍යාපෘතිය දියත් කර ඇති බවත් වාර්තා වේ.

මේ සිදුවීම හරහා පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන ස්වරූපය පැහැදිලිවන බවත් එම ආරංචි මාර්ග කියයි.

Exit mobile version