වීරකැටියේ ඝාතනය කළ දරුවාගේ වියෝව දරාගන්න බැරිව සීයා සොහොන මතදි වස බීලා.

සචින්ත නිම්සර

සූරියවැව නුවන් ජයසේකර –

වීරකැටිය ගජනායකගම ප්‍රදේශයේදී වෙඩි තබා ඝාතනය කෙරුණු 14 හැවිරිදි පාසැල් සිසුවාගේ අවසන් කටයුතු ඊයේ (22) සවස සිදු කෙරුණු අතර සිය මුණුබුරාගේ මෙම හදිසි වියෝව දරාගත නොහැකිව 67 හැවිරිදි සියා දරුවාගේ සොහොන මතදී ඊයේ (22) සවස වස පානය කර ඇතැයි වීරකැටිය පොලිසිය පවසයි.

මෙලෙස වස පානය කර ඇත්තේ පසුගිය 19 වන දින වීරකැටිය ගජනායකගමදී ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් ඥාතීන් දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදී සිදුකළ වෙඩි තැබීමකින් මියගිය 14 හැවිරිදි සචින්ත නිම්සරගේ සීයා වන 67 හැවිරිදි මොහොට්ටිගේ ජිනදාස නැමති අයයි.

මියගිය සචින්තගේ අවසන් කටයුතු ඊයේ (22) සවස ගජනායකගමදි සිදුකෙරුණු අතර දේහය මිහිදන් කිරීමෙන් පසු පිරිස සුසාන භූමියෙන් ඉවත්ව ගොස් තිබේ. 


එහිදී මද වේලාවක් සුසාන භූමියේ රැඳී සිට ඇති සචින්තගේ 67 හැවිරිදි සීයා ඉනේ සගවාගෙන තිබූ වස කුප්පියක් ගෙන සොහොන මත වාඩි වී වස පානය කර තිබේ.

ඒ ආසන්නයේ සිටි ඥාතීන් පිරිසක් මෙය දැක ඇති අතර වස පානය කළ පුද්ගලයා ප්‍රතිකාර සඳහා වීරකැටිය රෝහලට ඇතුළත් කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහුගේ තත්වය බරපතළ නොවන බව  රෝහල් ආරංචි මාර්ග පැවසුවේය. සිද්ධිය සම්බන්ධයෙන් වීරකැටිය පොලිසිය වැඩිදුර විමර්ෂණ පවත්වයි.

Exit mobile version