විස වායු සහිත අයහපත් කාලගුණය නිසා හෙට රජයේ පාසල් නිවාඩු!

කීර්ති ප්‍රනාන්දු –

පවතින  අයහපත් කාලගුණ තත්ත්වය සැලකිල්ලට ගෙන   හෙට ( 2022 දෙසැම්බර් 9 දා     සිකුරාදා)  සියලුම රජයේ සහ රජයේ අරමුදල් ලබන පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක්  ප්‍රකාශයට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති වායු දූෂිත තත්ත්වය සමග ඇති වී තිබෙන අයහපත් කාලගුණ  තත්ත්වය පිළිබඳව     කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අදහස් විමසීමෙන් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

Exit mobile version