විස පොල්තෙල් ගෙන්වූ සමාගම් බේරන නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න- GMOA ඉල්ලයි

සමන්තිකා වීරවර්ධන

පිළිකාකාරක අඩංගු විස පොල්තෙල්‌ මෙරටට ආනයනය කල සමාගම් බේරා ගැනීම සදහා කටයුතුකරන රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කළ යුතු යැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මොවුන්ට එරෙහිව අපරාධ නීතිය යටතේ නඩු පැවරීමට කටයුතු කළ යුතු බව සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සදහන් කරයි.
රටේ ජනතාවට වස විසෙන් තොර ආහාර මිලදී ගැනීම අහෝසි වී තිබෙන බැවින් ඔවුන්ගේ අයිතිය තහවුරු කිරීම සදහා සංගමය යෝජනා 4ක් ඉදිරිපත් කර ඇත‍.


මේ අනුව,
1. වෙළදපොලට ආහාර හෝ සෞඛ්‍ය සම්බන්ධ ද්‍රව්‍ය නිෂ්පාදනය කර ඉදිරිපත් කරන පුද්ගලයා ඒ අහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කල සියලුම පියවර වලදී ආරක්ෂිත බවට තහවුරු කරන්නා වූ තහවුරු කිරිමක් කළ යුතුය.
2. ඒ තහවුරු කිරිමට අදාල ආහාර නිෂ්පාදන පවතිනවාද කියන එක අහඹු ලෙස නිරීක්ෂණය කිරිම සදහා සම්පූර්ණ වගකීම සෞඛ්‍ය අමාත්‍යංශයට පවරා අනෙකුත් සියලුම ආයතන සෞඛ්‍ය අමාත්‍යංශය යටතේ කටයූතු කිරිම
3. ආහාර සහ පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධයෙන් කාර්යක්ෂමව වැඩ කරන උසවි පද්ධතියක් ස්තාපිත කිරීම
4. රජයේ නිලධාරීන් රජයේ සේවය කරද්දී සහ විශ්‍රාම ගොස් අවුරුදු 5ක් යන තෙක් සමාගම් සමග කිසිදු සබදතාවක් පැවැත්විය නොහැකි වන අතර . එසේ සබදතාවක් පවත්වන පුද්ගලයන්ට විරුද්දව නීති තදින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ඇති කිරීම.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජනතාවට වස විස දී ටිකෙන් ටික මරාදැමීමට කටයුතු කිරීම මිනිමැරුමක් බවත් මේ සම්බන්ධයෙන් අපරාධ නීතිය යටතේ කටයුතු කිරීමට හැකි බවච වෛද්‍ය පාදෙනිය මහතා අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී අවදාරණය කළේය.

Exit mobile version