විස්සයි 20 ලෝක කුසලානය නැරඹීමට ක්‍රිකට් ආයතන අනුග්‍රහයෙන් ගිය පිරිසක් ඔස්ට්‍රේලියාවේ ගල් වෙලා….  මාධ්‍යවේදීනුත් ඒ අතර….

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තරග නැරඹීම සඳහා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් හෝ සහයෝගයෙන් ඕස්ට්‍රේලියාවට ගිය සමහරු නැවත ලංකාවට නොපැමිණ අතුරුදහන් වි  ඇතැයි තොරතුරු වාර්තා වේ.

මේ අතර කොළඹ නගර සභා ක්‍රීඩාංගණ භාර නිලධාරියකුද සිට්න බවත් ඔහු එහි ගොස් ඇත්තේද ගල් වීමේ අරමුණෙන් බවත් වාර්තා වේ.

මේ අතර එම තරගාවලිය වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද නැවත මෙහි පැමිණ නොමැත.

රජයේ මාධ්‍යයක සේවය කරන මාධ්‍යවේදියකු පසුගිය සතිය තෙක් ඕස්ට්‍රේලියාවේ ගත කර පැමිණ යළි එහි ගොස් ඇත.


මේ අතර තරග වාර්තා කිරීමට කියා එහි ගිය ඇතැම් මාධ්‍යවේදීන් තරග වලට නොගොස්  එහි සිටින ශ්‍රී ලාංකික  ව්‍යාපාරිකයන්ගෙන් මුදල් ගෙන තම මාධ්‍යයේ සම්මුඛ සාකච්චා සිදු කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර රජයේ විගණකාධිපති විසින් මෙම ඕස්ට්‍ර්‍රේලියානු සංචාරයේ මුදල් අවභාවිතාවන් පිළිබඳ වෝහාරික විගණනයක් මේ දිනවල සිදු කරනු ලබයි

Exit mobile version