විසඳුමක් නැති අද තරගයත් සමග ඇෆ්ගනිස්ථානය සුපර් ලීග් වටයට තවත් පියවරකින් සමීප වෙයි!

රහ්මනුල්ලා ගුර්බාස් සමග රහ්මට් ෂා මනරම් පිතිකරණයක..

ඇෆ්ගනිස්ථානය හා ශ්‍රී ලංකාව අතර අද පැවති තරගය විසඳුමකින් තොරව අත්හැර දැමීමට සිදුවීම නිසා ඇෆ්ගනිස්ථානය  ලෝක කුසලානයේ සුපිරි වටය සඳහා තරගයකින් තොරව තේරීමේ අවස්ථාවට තවත් එක් පියවරකින් සමීප වී ස්ථාවර වූයේය.

ශ්‍රී ලංකාව අද මෙම තරඟාවලියට නැවත පැමිණීම  වෙනුවෙන් හොඳින් ස්ථානගතව සිටි නමුත් කාලගුණය සියල්ලට හරස් විය.

මේ තත්ත්වය තුළ ලබන වසරේ ලෝක කුසලානය  සුපිරි   වටය සඳහා තරගයකින් තොරව සුදුසුකම් ලැබීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් තවත් දුරස් වී ඇත.

තරගයක් ජයග්‍රහණය කළ විට  සුපර් ලීග් ලකුණු 10ක් ද විසඳුමකින් තොරව අවසන් වූ විට කණ්ඩායම් දෙකටම ලකුණු 05 බැගින් ද ලැබේ. තරග පරාජයක දී පරාජය වූ කණ්ඩායමට ලකුණු ලැබෙන්නේ නැත.


මෙම තරගය ජයග්‍රහණය කළා නම් ලැබෙන ලකුණු 10 දැන් ශ්‍රී ලංකාවට නැත. ඇෆ්ගනිස්ථානයට සහ ශ්‍රී ලංකාවට ලකුණු 05 බැගින් ලැබේ.  මින් පෙර තරගය ජයග්‍රහණය කළ ඇෆ්ගනිස්ථාන් කණ්ඩායම ලකුණු 10ක් හිමි කරගෙන සිටියේය.  එයින් අදහස් වන්නේ එම ඉලක්කයට යෑම සඳහා වූ ශ්‍රී ලංකාවේ බලාපොරොත්තුව තවත් පහත වැටෙන බවය.

අද පැවති තරඟයට පෙර සුපර් ලීග් ලකුණු 110 ක් ලබා සිටි ඇෆ්ගනිස්ථානයට දැන් තවත් ලකුණු පහක් හිමි වී තිබේ. දැන් ඔවුන්ගේ ලකුණු සංඛ්‍යාව 115කි.   මේ තත්ත්වය තුළ සුපිරි වටය වෙත තරගයකින් තොරව  සුදුසුකම් ලැබීම  සඳහා ඔවුන් පියවරක් සමීප වී සිටී.

මේ වනවිට ඇෆ්ගනිස්ථානය   ලෝක කුසලානයේ ඔවුන්ගේ ස්ථානය ඵලදායී ලෙස සහතික කරගෙන තිබේ.  ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 10 වැනි ස්ථානයේ ය.  ලබා ඇති සුපර් ලීග් ලකුණු සංඛ්‍යාව 67කි.

ශ්‍රී ලංකා කණ්ඩායම තරග 20ක් තුළ ජයග්‍රහණය කර ඇත්තේ තරග 06ක් පමණි. තරග 12ක් පරාජය වී ඇත. විසඳුමකින් තොරව තරග 02ක් නිමා කර තිබේ. විශේෂත්වය වන්නේ ඇෆ්ගනුවන් තරග 14ක දී තරග 11ක්ම ජයග්‍රහණය කර තිබීමය. ඔවුන් පරාජය වී ඇත්තේ තරග දෙකකි. එක් තරගයක් ජය පරාජයෙන් තොරව නිමා කර ඇත. ඔවුන්ගේ මෙතෙක් ජයග්‍රහණ ප්‍රතිශතය ලයිස්තුවේ ඉහළින්ම සිටිනා ඉන්දියාවටත් වඩා වැඩිය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සුපර් ලීග් ලකුණු සටහන පහත දැක්වේ.

Exit mobile version