විෂ සහිත පොල්තෙල් ගෙන්වූ සමාගමකින් පැන්නූ පොල්තෙල් බවුසර් දෙකක් දංකොටුවෙන් අල්ලයි

ඇල්ෆටොක්සීන් විෂකාරකය අඩංගු පොල්තෙල් ගේනවූ සමාගම් හතරෙන් එකක් මඟින් ආනයනය කළ පැවසෙන පොල්තෙල් ලීටර් 55000ක් අඩංගු බවුසර් රථ දෙකක් දංකොටුව ප්‍රදේශයේදී සඟවා තිබියදී ඊයේ (30) අත්අඩංගුවට ගෙන ඇත. මෙම පොල්තෙල් ප්‍රති අපනයනය කිරීමට නියෝග ලබා දී ඇති බැවින් ඊට පෙර මෙම තොග රහසිගතව පිට කොට මෙසේ සඟවා ඇති බව පොලිසිය විසින් සිදු කරන විමර්ශණවලදී හෙළිවී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් බවුසර් දෙකේ රියැදුරන් දෙදෙනාගෙන් පොලිසිය ප‍්‍රකාශ ලබාගත් අතර පසුව ඔවුන් මුදා හැර ඇති අතර සැක සහිත පොල්තෙල් සාම්පල් රජයේ රසපරීක්‍ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමට දංකොටුව පොලිසිය පියවර ගෙන ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දංකොටුව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත පෙරේදා, රාත‍්‍රියේ තොරතුරක් ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇති අතර එහිදී පොලිස් කණ්ඩායමක් දංකොටුව ප‍්‍රදේශයේ පොල්තෙල් කර්මාන්ත ශාලා පරිශ්‍රයක දී මෙම බවුසර් රථ නවතා තිබී ඇත.


Exit mobile version