විෂ දුම් නවදිල්ලි පාසල් වසා දමයි

ඉන්දියාවේ නව දිල්ලියේ පවතින අධික වායු දූෂණය හේතුවෙන් සිතියක කාලයක් පාසල් වසා දැමීමට තීරණය කළ බව නව දිල්ලි මහ ඇමති අර්වින්ද් කෙජරිවාල් ප්‍රකාශ කර ඇත.

පාසල් වසා දැමුවද මාර්ග ගත ක්‍රමය ඔස්සේ දරුවන්ට නිවසේ සිට අධ්‍යාපන කටයුතු කිරීමට අවස්ථාව සලසා දෙන බවද ප්‍රධාන අමාත්‍යවරයා මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා තිබේ.

දරුවන්ට නිවෙස් වලින් පිටත පැමිණියහෝ ඔවුන්ට විස වාතය ආග්‍රාහනය වීමේ හැකියාවක් පවතින බැවින් මෙම තීරණය ගනු ලැබූ බවද ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.


මේ අතර නව දිල්ලියේ රාජ්‍ය ආයතන වල කාර්යාල වල සේවකයින් හටද නිවසේ සිට රාජකාරි කරන මෙන් උපදෙස් දී ඇති අතර හැකිනම් පුද්ගලික ආයතනද එම ක්‍රියාමාර්ග අනුගමනය කරන මෙන් මහ ඇමතිවරයා ඉල්ලා තිබේ.

ඒ අනු නොවැම්බර් 14 වැනිදා සිය 17 වැනිදා දක්වා කාලය තුල සියලුම ඉදිකිරීම් කටයුතු තහනම් කිරීමටද ප්‍රනාන්ත බලධාරීන් තීරණය කර ඇත.

ශ්‍රී ලංකාවේ සමස්ථ ජනහනය සමාන ජනගහනයක් නව දීලියේ ජීවත්වන ලොව වැඩිම වායු දූෂණයකට ලක්වූ නරගය ලෙස සැලකෙන්නේද නව දිල්ලියයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය දිනව වල පැවති දීපවාලී උත්සවය නිමිත්තෙන් ගිනි කෙලි දැල්වීමෙන් නිකුත් වූ දුම් මෙම තත්ත්වයට යම් ආකාරයකි හේතු වී ඇති අතර නව දිල්ලි නගරයේ පිහිටීම සහ සුළං රටා හේතුවෙන් වාතය නගරය තුලම රැදී පවතින තත්ත්වයක් පැවතීමද මෙම වායු දූෂණයට එක්තරා හේතුවක් වී තිබේ.

Exit mobile version