“විල්පත්තු වන සංහාරයේ දඬුවමට ලෑස්ති වෙන්න “

රජයේ නිලධාරීන් රැසකට ඇල්ලේ ගුණවංශ හිමියන්ගෙන් අනතුරු ඇඟවීමේ ලිපියක්

විල්පත්තු වනය විනාශ කළ අයට දුන් ආකාරයේ දඬුවම් ලැබෙන පරිද්දෙන් රටේ ජෛව පද්ධති සහ වනාන්තර විනාශ කරන රාජ්‍ය නිලධාරීන් සියලු දෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවත් ඒ සම්බන්ධයෙන් තමන් අද පෙර දැනුම්දීමක් කරන බවත් ජාතික සම්පත් රැකගැනීමේ ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.

ජාතික සම්පත් රැක ගැනීමේ ව්‍යාපාරය මඟින් ඔවුන්ට එරෙහි ව මෙසේ ක්‍රියා මාර්ග ගන්නා බවත් එබැවින් වගකීම් සහගත ලෙස තම රාජකාරිය ඉටු කරන ලෙසත් ඇල්ලේ ගුණවංශ හිමියෝ වන සංරක්ෂක ජෙනරාල් වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්, පළාත් ඉඩම් කොමසාරිස්, අඩවි වන ජීවී නිලධාරීන් , වන ජීවී නිලධාරීන් සහ සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම ලිපිය මෙම පෙර දැනුම් දීමේ එන්තරවාසියක් උන්වහන්සේ විසින් ඉදිරිපත් කරනු ලැබ ඇත.

මෙම එන්තරවාසිය හැකි ඉක්මනින් ඔවුන් සියලුම දෙනා වෙත යැවීමට කටයුතු කරන බවද ගුණවංශ හිමියෝ අද මාධ්‍ය හමුවේ තවදුරටත් පැවසූහ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික සම්පත් රැක ගැනීමේ ව්‍යාපාරය විසින් සකස් කරන ලද සම්පූර්ණ ලිපිය මෙසේය.

Exit mobile version