විල්පත්තු රක්ෂිතයේ ඉඩම් අයිතිය කියන්න බලපත්‍ර අරන් ඇවිත්…

එක් පුද්ගලයෙක් අක්කර 115ක හිමිකම පෙන්නලා... තවත් පුද්ගලයෙක් අක්කර 4ක්...

දිනසේන රතුගමගේ –

විල්පත්තු  ජාතික වනෝද්‍යානය තුළ තම ඉඩම් ඇති බව කියමින් විශාල පිරිසක් ඉඩම් බලපත්‍ර ද රැගෙන මේ දිනවල විල්පත්තුවට පැමිණෙන්නට පටන් ගෙන තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා

අක්කර 115 ක ඉඩමක් තමන් සතුව ඇති බව කියමින් එක් පුද්ගලයෙකු ද තවත් අක්කර 2 ක් හිමි අයෙකුද ඔවුන්ට නිකුත් කළ  බලපත්‍ර සමග විල්පත්ති ජාතික වනෝද්‍යානයේ පාලකවරු හමුවට පැමිණ තොරතුරු ඉදිරිපත් කොට ඇතැයි විල්පත්තු ජාතික වනෝද්‍යාන පාලක චමත් ලක්ෂ්මන් පෙරේරා  පැවසීය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


නමුත් එම ඉඩම් සඳහා ඇති බලපත්‍ර පිළිබඳව විශාල සැකයක් ඇති බවත්  ත්‍රස්තවාදී කලබල සමයේ විල්පත්තුවේ ඉඩම් අතහැර ගිය පිරිසට වෙනත් පළාත් වලින් ආදේශක ඉඩම් ලබා දීමේ පදනම මත ඔවුන්ට ඉඩම් හිමිව තිබීමත් නිසා විල්පත්තුවේ අයිතිය කියා සිටින ඉඩම් ඔවුන්ට ලබා දීමේ අවශ්‍යතාවයක් නැතැයි විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නිලධාරීන් කියා සිටියි.


Exit mobile version