විරෝධතා තාවකාලිකව නවතන්න – විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් හදිසි ඉල්ලීමක්

doctor

මාරාන්තික කොවිඩ් වසංගතය මධ්‍යයේ රටේ ජාතියේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය පිළිබඳ සළකා ගුරු-විදුහල්පති විරෝධතා ව්‍යාපාර තාවකාලිකව අත්හිටුවන ලෙස විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය ආයාචනයක් කර තිබේ.

කපටි දේශපාලනඥයින් විසින් ‘ඩෙල්ටා පොකුරු’ උත්පාදනය කිරීමේ වගකීම ගුරුවරුන්ට පමණක් පැවරිය හැකි අතර ඔවුන් ඒ සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව හැ‍ෙඟන බව ද එම සංගමය ලිපියක් මගින් පවසා ඇත.

වෘත්තීයමය, වෘත්තීය සමිතියක් ලෙස තම සංගමය ද, ගුරු විදුහල්පතිවරුන්ගේ දිගුකාලීන නොසලකා හරින ලද ඉල්ලීම් වලට ගෞරව කරන අතර ඔවුන්‍ගේ ගැටලු විසඳා දෙන ලෙස රජයට බලකරමින් එකමුතුව කටයුතු කරන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කර සිටී.


රාජ්‍ය අනුග්‍රහයක් හෝ දිරිදීමනාවක් හෝ නොමැතිව දරුවන්ගේ බලාපොරොත්තු ජීවත් කරවීම උදෙසා ඔන්ලයින් අධ්‍යාපනය ලබාදෙමින් ඔවුන් කරන කැපවීමට කිසිදු උගතෙකුට මිලක් නියම කළ නොහැකි බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කියාසිටී.

එමෙන්ම වෛද්‍ය අධ්‍යාපනය තුළ කටයුතු කරන සාමාජිකයන් ලෙස ද ගුරු-විදුහල්පතිවරුන්ගේ වෘත්තිය අයිතීන් දිනාගැනීම සඳහා අරගල කිරීමේ අයිතිය පිළිගන්නා බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සඳහන් කර ඇත.

ගුරු-විදුහල්පති අරගලයට හේතුවී ඇති ගැටලු සම්බන්ධයෙන් වත්මන් හා අතීත ආණ්ඩු කරවූ පුද්ගලයන්ට විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය චෝදනා කර සිටී.

වෛද්‍ය විශේෂඥයින්ගේ සංගමය පවසන්නේ වත්මන් තත්ත්වයට තුඩු දී ඇති වත්මන් රජයේ දැඩි ප්‍රවේශය ගැන කනගාටු වන අතරම, සමාජයේ වගකිව යුතු, උගත් හා බොහෝ විට දේශපාලනික නොවන බලවේගයක් වශයෙන් ගෞරවයෙන් ආයාචනා කරන්නේ මාරාන්තික ඩෙල්ටා ප්‍රභේදය ප්‍රධානතම ප්‍ර‍භේදය බවට පත්වෙමින් කොවිඩ් -19 ආසාදන ඉහළ යාම කෙරෙහි අවධානය යොමු කරන ලෙසයි.

“වේගයෙන් ඉහළ යන කොවිඩ් -19 රෝගීන් සංඛ්‍යාවක් සමඟ අපි සියළු දෙනාම වඩාත් ප්‍රායෝගික ප්‍රවේශයකින් දේශපාලකයින්ට වඩා සාමාන්‍ය පුරවැසියන් ගැන සැලකිලිමත් විය යුතුයි. වසංගතය ව්‍යසනකාරී මට්ටමකට පැමිණිය හොත් (අපි සිතන්නේ එය දැනටමත් එලෙස වන බවය) කපටි දේශපාලනඥයින් විසින් ‘ඩෙල්ටා පොකුරු’ උත්පාදනය කිරීමේ වගකීම ගුරුවරුන්ට පමණක් පැවරිය හැකි අතර ඔවුන් ඒ සඳහා මේ වන විටත් කටයුතු ආරම්භ කර ඇති බව අපට හැඟේ.

එම නිසා මෙම මාරාන්තික වසංගතය මධ්‍යයේ අපේ ජාතියේ ආරක්‍ෂාව සහ සෞඛ්‍යය සඳහා ඔබගේ විරෝධතා ව්‍යාපාරය තාවකාලිකව අත්හිටුවන ලෙස වෘත්තීය සංවිධානයක් ලෙස අපි සියළුම ඉගැන්වීමේ නිරත සහෝදර වෘත්තිය සමිතිවලින් ඉල්ලා සිටිමු.

තවද, සියලුම විදුහල්පතිවරුන්ට සහ ගුරුවරුන්ට COVID-19 එන්නත මාත්‍රාවන් දෙකම ලබා දෙන බවටත්, ඔවුන්ගේ පාසල් කටයුතු නැවත ආරම්භ කිරීමට පෙර ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙන ලෙසත් අපි රජයෙන් ඉල්ලා සිටිමු.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අවසාන වශයෙන්, විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ සාධාරණ ඉල්ලීම් හිතකර අයුරින් සලකා බලා මෙම අර්බුදය විසඳීම සඳහා ඉහළම මට්ටමින් සංවාදයක් ආරම්භ කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් සහ රජයෙන් ඉල්ලා සිටිමු. රාජ්‍ය හා පෞද්ගලික රෝහල්වල සිදුවන දැඩි තදබදය අවම කිරීම සහ දිනෙන් දින ඉහළ යන මරණ අනුපාතිකය අඩු කිරීම සඳහා සියලු ආකාරයේ උත්සව හා වෙනත් පොදු රැස්වීම් අඩු කිරීමට සහ පොදු කටයුතු සඳහා සීමා පැනවීමට රජය ගත හැකි සෑම පියවරක්ම ගනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු.” යැයි විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය ලිපිය මගින් තවදුරටත් අවධාරණය කර තිබේ.

Exit mobile version