වියෝ වේදනාව දරාගෙන බරණගේ අවසන් ගමන දකින්න පැමිණි ගමන් සගයා…   

කලාවැව ජාතික වනෝද්‍යානය මහා පෞරුෂයකින් පිරවූ බරණ හස්ති රාජයා මරා දැමූ බව අපි වේදනාවෙන් ලියා තිබුවෙමු. මේ අසිරිමත් ඇත් රජු ජීවත්ව සිටි කාලයේ වන දහන සැරසූ අයුරුය.

ගම්වැදුන හස්ති රාජයාගේ ආගමනය ගම්මු වනජීවීයට කියා තිබිණි. එහෙත් එක්තරා මුග්ධයෙකුගේ විදුලි වැටකට ගැටී බරණ අවසන් ගමන් ගියේය. බරණගේ අවසන් කටයුතු නාමල් උයන රක්ෂිතයේ දී සිදුකෙරිනි. වනවාසී රාහුල හාමුදුරුවන් ඒ කටයුත්තට එක් වී සිටියේය.

බරණගේ අවසන් කටයුතු සිදුකළ මොහොත…

මේ මොහොතේ අතිශයින්ම සංවේදී සිදුවීමක් දුටුවන්ගේ නෙතග කඳුළින් තෙත් කළේය. බරණගේ අවසන් කටයුතු සිදුකරන මොහොතේ එම කටයුතු සිදුකරන ස්ථානය හොඳින් පෙනෙන ස්වර්ණහංස වැව ඉස්මත්තට තවත් අලියෙක් පැමිණ සිටියේය.

බෙහෙවින්ම ශොකී රිද්මයකින් එම හස්තියා බරණගේ අවසන් කටයුතු සිදුවන තුරුම නොසෙල්වී එහි රැඳි සිටියේය. මිහිදන් කටයුතු නිමා වූ විට බිමට යොමා ගත් හිසින් යුතුව නිසොල්මනේ ඒ හස්තියා පිටවී ගියේය.


බරණ අවසන් ගමන් යනු දකින්නට පැමිණි ආදරණිය ගමන් සගයා…

“ අලි ඇත්තුන්ගේ ලෝකය අපට වඩා  ආදරය පිරුණු තැනක්… ඒ ඇවිත් හිටියෙ බරණ පුංචි සන්දියෙ ඉඳන් එයා එක්ක හැදුනු එයාගෙ යාලුවා… එයා ඇවිත් අවසන් ගෞරව දක්වලා ගියා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වනජීවී නිලධාරියෙක් කීවේය.

Exit mobile version