වියලි කාලගුණයේ වෙනසක්… ප්‍රදේශ කීපයකට වැසි…

Rain

තුෂාරී කළුබෝවිල –

පැවති වියලි කාලගුණයේ වෙනසක් සිදු කරමින් යළි ප්‍රදේශ කිහිපයකට වැසි ලැබෙන්නට පටන් ගෙන ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සවස හෝ රාත්‍රී කාලයේදී බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලට සහ ගාල්ල, මාතර, නුවරඑළිය දිස්ත්‍රික්කවලට මෙසේ වැසි ඇති වන බව යි.

එසේ ම අනුරාධපුරය සහ වව්නියාව දිස්ත්‍රික්කයවලට ද වැසි ස්වල්පයක් ඇති වන අතර සෙසු ප්‍රදේශවල වියලි ස්වභාවය තවදුරටත් පවතින බව ඔවුහූ පවසති.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සවස සහ රාත්‍රී කාලයේ වැසි ඇති වන ප්‍රදේශවල උදෑසන කාලයේ මීදුම සහිත, අඳුරු බවත් දැකිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Exit mobile version