වියපත් මවකට බීමතින් අතවර කළ සල්ලාලයාට වසර 15ක සිර ඳඩුවමක්….

මාතර – සම්පත්

වසර නවයකට පෙර   වයෝවෘද්ධ   කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් ලක් කළ පුද්ගලයෙකු මාතර මහාධිකරණය මගින්  වරදකරුවකු කිරීමෙන් පසු එම විත්තිකරුට වසර 15ක සිර දඬුවමක්   නියම කළේය.

2011 වර්ෂයේ ඔක්තෝම්බර් මස 22 වන දිනට ආසන්නයේ කඹුරුපිටියේ පොලිස් බල ප්‍රදේශයේ රන්සෑගොඩ පදිංචිව සිටි තිදරු මවක් වූ වියපත් කාන්තාවක් බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීම හේතුවෙන් මෙම  විත්තිකරුට එරෙහිව මහාධිකරණයේ  අධි චෝදනා ගොනුකර තිබුණි.

දීර්ඝ නඩු විභාගයකට පසු මාතර මහාධිකරණයේ විනිසුරු අජිත් පී මාසිංහ  විසින් නඩු තීන්දුව ලබාදෙමින් වරදකරුට වසර 15ක සිර දඬුවම් නියම කළ අතර රුපියල් 5000 ක දඩ මුදලක් ද ගෙවන ලෙස නියෝග කළේය. ඊට අමතරව වින්දිත වියපත්  කාන්තාවට  රුපියල් ලක්ෂයක මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය. එම මුදල ගෙවීම නොකළහොත් තවත් මාස හයකට සිර සිර දඬුවම් නියම කළේය.


අධික ලෙස බීමත්ව පැමිණි මේ පුද්ගලයා  2011 වර්ෂයේ ඔක්තෝම්බර් 22 වන දින නිවසේ තනියම සිටි වයෝවෘධ කාන්තාවට මෙම අපරාධය සිදුකර තිබේ. ඒ සම්බන්ධව අධි චෝදනා ගොනු කරමින් නඩු විභාගය පැවැත්විනි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ දඬුවම් නියම වූයේ කඔුරුපිටිය පොලිස් බල ප්‍රදේශයේ රන්සෑගොඩ මීපාවිට පදිංචි තිදරු පියෙකුටය. ඔහු අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වූවෙකු බව වාර්තා වේ .

Exit mobile version