විමලා අමරදේව අභාවප්‍රාප්ත වේ… අවසන් කටයුතු හෙට..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විමලා අමරදේව මැතිණිය අභාවප්‍රාප්ත වූවාය. අභාවය සිදුවන විට ඇය 86වැනි වියේ පසුවූවාය. යුගයක් නිර්මාණය කළ මහා ගාන්ධර්වයෙකුට බිරිය වීමේ භාග්‍ය ලද විමලාවන් ඍජු ප්‍රතිපත්ති සහිත ගැහැණියක් ලෙස ප්‍රකටව සිටියාය.
නර්තන ශිලිපිණිය මෙන්ම ජන ගායනා ශිල්පිනියක ලෙසද ප්‍රසාදය දිනා සිට ඇය අමරදේවයන් සමග අතිනත ගන්නේ 1963 වසරේදී ය.
කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ දී අවසන් ගමන් ගිය විමලා අරමරදේවයන්ගේ අවසන් කටයුතු හෙට සවස බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය. හෙට දිනය පුරා ජයරත්න මල් ශාලාවේ රෙස්පෙක්ට් ශාලාවේ තැන්පත් කර තිබේ.

Exit mobile version