විමල්ට එරෙහි කෝපය සනත් නිශාන්ත යටපත් කර ගනී

රාජපක්ෂල ගෙදර යවන්න ආපු ඔයිට වඩා අයත් හිටියා... පරිස්සමින කටයුතු කරන්න... සනත් විමල්ට කියයි..

විමල් වීරවංශ ගේ ඊළඟ ඉලක්කය රාජපක්ෂවරුන් ගෙදර යැවීම බවත් ඊට වඩා ලොකු අය රාජපක්ෂවරුන් ගෙදර යැවීමට උත්සාහ කළ බවත් පවසමින් ඔහුට ටිකක් පරෙස්සමින් කටයුතු කරන ලෙස දක්වන විවේචනාත්මක ෆේස්බුක් සටහනක් රාජ්‍ය අමාත්‍ය සහ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සනත් නිශාන්ත  විසින් යොදා තිබේ.

 

එම ෆේස්බුක් සටහනට අනුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්තත් ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයාත් කලක් විමල් වීරවංශගේ හොඳ මිතුරන් වුවද ඔවුන් දෙදෙනා පාර්ලිමේනන්තුවේදී විමල් වීරවංශ අමාත්‍යවරයාගේ විවේචනයට ලක් වූ බවත්  ඔවුන් දෙදෙනාම මහින්වාදීන් වීම මෙම විවේචනයන්ට ලක්වීමට හේතුව බවත් ඔහු මෙහිදී තවදුරටත් සටහන් කොට තිබේ

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ වුවද මේ ෆේස්බුක් සහටන පිළිබඳව සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වීමත් සමඟ ඔහු එම සටහන තම ෆේස්බුක් ගිනුමෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත.


Exit mobile version