“ඇත්ත කියන සෞඛ්‍ය සේවකයන් දඩයමට පෙර ඇස්ට්‍රාසෙනෙකා විකුණන්නේ කවුද කියල සොයන්න”

විපක්ෂ නායක සජිත් කියයි

sajith premadasa

සෞඛ්‍ය සේවකයින්ට ලේකම් විසින් කතා කිරීමේ තහංචි පනවා ඇති බවත් මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කිරීමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද(21)විපක්ෂ නායක කාර්යාලයේ දී පැවසීය.විපක්ෂයෙන් හුස්මක් වැඩසටහන යටතේ කුලියාපිටිය රෝහලට වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ අවස්ථාවේදී අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා වර්තමානයේ ඇත්ත තත්ත්වය සැඟවීමේ අරමුණින් ඇත්ත කතා කරන වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් මර්දනය කිරීම සඳහා මෙසේ කටයුතු කරන බවයි. එසේ වුවද සෞඛ්‍ය ලේකම්වරයා එසේ කටයුතු කරන්නේ නම් එය රටේ ව්‍යවසථාවට පටහැණි කරුණක් බවත් යම් සෞඛ්‍ය සේවකයකු ඇත්ත කතා කිරීම නිසා යම් බලපෑමකට ලක්වුවහොත් ඔවුන් වෙනුවෙන් විපක්ෂය පෙනී සිටින බවත් සඳහන් කළේය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා “ මේ තහංචි දමන්නේ මහජනතාව තුළ විශ්වාසය අරක්ෂා කර ගැනීමට කියන කාරණයයි ඔවුන් කියන්නේ. මම සෞඛ්‍ය ලේකම්ට කියන්න කැමතියි පුළුල් මේ රටේ සෑම කෙනකුටම ප්‍රජාතන්ත්‍රවාදය තුළ පුළුල් අයිතිවාසිකම් තිබෙනවා. රාජ්‍ය සේවකයන්ට සහ සමස්ත ජනතාවට ව්‍යවස්ථාවෙන් ලබා දෙන අයිතිය නැති කරන්න බෑ. සෞඛ්‍ය ලේකම්වරයාට කළ යුත්තේ ඇත්ත කතා කරන නිලධාරීන් මර්දනය කිරීම නොව ඇස්ට්‍රාසෙනිකා එන්නත මුදලට විකිණීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන් කරන චෝදනාව සොයන්න.
සෞඛ්‍ය සේවකයන්ට ඇත්ත කතා කිරීමට අයිතියක් තිබෙනවා. මම ඔවුන්ට කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සියලු දෙනා ඇත්ත කතා කරන්න ඉදිරියට එන්න. අපි බලාගන්නම්. විවිධ බලධාරීන්ගේ ප්‍රකාශ පිළිබඳව අපි බලාගන්නම්. සෞඛ්‍ය සම්බන්ධ සියලුම නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරන්නේ ඔබ බිය වන්න එපා. ලේකම් ගේ ලිපිකින් කිසිදු දෙයක් කරන්න බෑ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට ඔවුන් යටත් යයි විපක්ස නායකවරයා තවදුරටත් සඳහන් කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොරෝනා ව්‍යසනයෙන් පීඩා විදින ජනතාව සුවපත් කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන සමගි ජන බලවේගය විසින් “විපක්ෂයෙන් හුස්මක්” වැඩසටහන ආරම්භ කළ අතර ඊට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් යටතේ ක්‍රියාත්මක කරනු ලබන ‘ජන සුවය’ ව්‍යාපෘතියෙන් සිදුකරන ලද සමාජ සත්කාර වැඩසටහනෙහි 13වන පියවර ලෙස රුපියල් එකොළොස් ලක්ෂ අනූදහසක් (1,190,000) රෝහල් උපකරණ (21) පරිත්‍යාග කරනු ලැබීය . රු. පන්ලක්ෂ අනූපන්දහසක් (595,000) වටිනා Non invasive ventilator දෙකක් මෙලෙස කුලියාපිටිය ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රභාත් වීරවත්ත මහතාවෙත පරිත්‍යාග කරනු ලැබීය.


Exit mobile version