විපක්ෂ නායක සජිත්ට හා බිරිය ජලනිට කොවිඩ්…

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාසට සහ ඔහුගේ බිරිය ජලනි පේ‍්‍රමදාසට ‘කොවිඞ් 19’ ආසාදිතය යැයි සජිත් පේ‍්‍රමදාස ස්වකීය ෆේස්බුක් සටහනක් තබා ජනතාව වෙත දන්වා ඇත.

ඊයේ (22) සිය බිරිය කොවිඩ් රෝග ලක්ෂණ සහිතව රෝහල් ගත කළ බවත් පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතුරුව ඇය කොවිඩ් ආසාදිත බවට තහවුරු වූ බවත් එම සටහනේ දැක්වේ.

සෞඛ්‍ය නිර්දේශ ප්‍රකාරව තමන් ද පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් වූ බව කියන විපක්ෂ නායකවරයා එහිදී තමන්ට ද කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී යැයි දන්වා ඇත.
තමන් දෙපළ ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත වූ බව ද විපක්ෂ නායකවරයා සඳහන් කර තිබේ.

Exit mobile version