විපක්ෂයට එන්න නම් මෛත්‍රීට විපක්ෂ නායකකම ඉල්ලයි…

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්ව විපක්ෂය සමග සමබන්ධ වෙනවා නම් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට විපක්ෂ නායක ධුරය අවශ්‍ය බවට යෝජනා වී ඇතැයි දැනගන්නට ඇත.
එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තව දුරටත් ආණ්ඩුව තුළ සිටිමින් එහි හොඳ වැඩට පමණක් සහයෝගය දක්වා තුනෙන් දෙකක බලය ලබා ගැනීමට සහයෝගය ලබා නොදී කටයුතු කරනවා ද, එසේත් නැතිනම් විපක්ෂය සමග එක්වෙනවා ද යන්න තවත් ඇත්තේ සාකච්ඡා මට්ටමේ බව ශ්‍රී.ල.නි.ප. ආරංචි මාර්ග පවසයි.
පවතින දේශපාලන වාතාවරණය අනුව අවශ්‍යම තීන්දු ලබාගැනීමට සූදානම් බව එම ආරංචි මාර්ග කියයි.

Exit mobile version