විදෙස් ශ්‍රමිකයන් නැවත ගෙන්වන දින වකවානු නිශ්චිත නෑ…

විදේශගත ශ්‍රී ලාංකිකයන් 38983 දෙනෙක් නැවත මෙරටට පැමිණීමට ඉල්ලුම් කර තිබුණ ද කොරෝනා මෙරට ව්‍යාප්තයත් සමග ඔවුන් ගෙන්වා ගැනීම සඳහා අද (27) වනතෙක් රජය අවසන් තීරණයකටක පැමිණ නොමැත.

පසුගිය දින කීපයය තුළ මෙරටට ගෙන්වන ලද විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගෙන් 175 දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග විදේශයන්හි සිටින අය ගෙන්වීම තාවකාලිකව අත්හිටුවීම කළ බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය සම්පූර්ණයෙන්ම පාලනය කර නොමැති පසුබිමක මෙලෙස විදෙස්ගත පිරිස් විශාල වශයෙන් ගෙන්වා ගැනීම තුළින් නිරෝධායන පහසුකම් සැපයීමේ ගැටලුවක් මතුවිය හැකි බව සෞඛ්‍ය අංශ ප්‍රධානීන් ඊයේ (26) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවී පවසා තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අනුව විදෙස්ගත ශ්‍රමිකයන් එක දිගටම ගෙන්වා නොගනෙ කිසියම් කාල පරතරයක් අනුව ඔවුන් ගෙන්වා ගත යුතු බවත් ඒ සඳහා නිශ්චිත ක්‍රමවේදයක් කඩිනමින් සකස් කිරීමට අවධානය යොමු කර ඇති බවත් ජනාධිපතාවරයා සෞඛ්‍ය ප්‍රධානීන් වෙත  දැනුම් දී ඇත.

Exit mobile version