විදුලි බිල අඩු වෙන්නේ මෙහෙමයි… ඔක්තොම්බර විදුලි බිලේ වැඩි කළ ප්‍රතිශතය හෙට ගෙනෙන සංශෝධනයෙන් අහෝසියි… කාංචන කියයි!

ඔක්තෝබර් මාසයේදී ඉහළ දැමූ විදුලි බිලේ ප්‍රතිශතය හෙට ගෙනෙන විදුලිබිලේ  නව සංශෝධනය හරහා සම්පූර්ණයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇතැයි විදුලි බල හා බලශක්ති ඇමති  කාංචන විජේසේකර අද  (21) පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේ දී  කීවේ මෙවැන්නකි.

“විදුලිබල මණ්ඩලය අද සවස කී සංඛ්‍යා ලේඛන අනුව අවම වශයෙන්  ඔක්තොම්බර් මාසේ වැඩි කරපු මිල අපි සම්පූර්ණයෙන්ම අයින් කරන්න කටයුතු කරනවා.”

“ගෘහස්ථ කාණ්ඩයේ  මෙන්ම අපේ ආගමික සිද්ධස්ථානවල වැඩිකළ සියලුම විදුලි බිල වූ සියයට 18ම අපි අයින් කළා.”


“කර්මාන්ත ශාලා සහ හෝටල්වලට වැඩි කළ සියයට12ක් වු විදුලි බිල අවම වශයෙන් අඩු කළා.”

“පොදු කාර්යයන් සහ රජයේ ගොඩනැගිලිවලට තියන සියයට  අඩු කළා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඊටත් වැඩිය  ඉදිරියට ගිහින් ඒ යෝජනාව හදලා දෙන්න තමයි අපි හෙට බලාපොරොත්තු වෙන්නේ.  ජනාධිපතිතුමා අපට  හැම වෙලාවෙම   උපදෙස් දෙන්නේ   ලබා දිය හැකි සහනය    ඒ අවස්ථාවෙදිම ලබා දෙන්න කියලා.” ඇමතිවරයා කීවේය.

 

Exit mobile version