විදුලි බල මණ්ඩලයේ කොරෝනා පාඩුව කෝටි 2000ත් පනී

කොවිඩ් 19  වසංගතය හේතුවෙන් රට පුරා පැවති ඇදිරිනීතිය හේතුවෙන් මාර්තු, අප්‍රේල් සහ මැයි මාස වෙනුවෙන් විදුලිබල මණ්ඩලයට අයවිය යුතු මුදල රුපියල් කෝටි 2000 ඉක්මනවන බව ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි බල හා බලශක්ති අමාත්‍ය මහින්දඅමරවීරට දැනුම් දී ඇත.

විවිධ ආයතනවලින් සහ නිවාස වලින් මෙම මුදල විදුලිබල මණ්ඩලයට අයවිය යුතු වුවද මෙතෙක් ලැබී නොමැති බව එම මණ්ඩලයේ සභාපති විජිත හේරත් මහතා සදහන් කරයි.

පසුගිය මාස තුල තුළ විදුලි බිල්පත් විදිමත්ම බෙදා හැරීමක් සිදු නොවූණ බැවින් මෙම මෙසේ මුදල් අයකර ගැනීමට නොහැකි වූ බවද සභාපතිවරයා සදහන් කරයි‍.


පසුගිය කාලය පුරාම අඛණ්ඩව විදුලිය පාරිභෝගියකයින් සැපයීමට විදුලිබල මණ්ඩලය කටයුතු කළ බැවින් ද මේ වන විට විදුලි බිල්පත නිකුත් කිරීම මේ වන විට ආරම්භ කර ඇති බැවින් විදුලිබිල්පත ගෙවීම මහජනතාවගේ වගකීමක් යැයි ඇමති මහින්ද අමරවීර  පෙන්වාදේ. 

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


.

 

Exit mobile version