විදුලි කප්පාදුව අනිවාර්යයි… ඉටිපන්දම් ලෑස්ති කරගන්න – වෘත්තීය සමිති අනතුරු අඟවයි!

power-cut

ඩීසල් නොලැබීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 160ක් සපයන සපුගස්කන්ද තාප විදුලි බලාගාරය වසා දමා ඇති බව වාර්තා වේ.

ජතික විදුලිබල අවශ්‍යතාවයෙන් සියයට 15.07ක්  ඊයේ දිනයේදීත් ලබා දුන් ලංකා විදුලිබල මණ්ඩලයේ  තාප බලාගාරවල පවතින ඉන්ධන ප්‍රමාණවත් වන්නේ  දින කීපයක් සඳහා  පමණක් බව වෘත්තීය සමිති ප්‍රකාශ කරයි.

ඔවුන් ප්‍රකාශ කරන්නේ තෙල් සංස්ථාවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට තෙල් ලබා දීම අත්හිටුවා ඇති බවය.


මේ පිළිබඳව අදහස් දැක්වූ  ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ සේවක සමිති සංධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කළේ  ඉදිරියේ දී ඇතිවන විදුලි කප්පාදුවට පිළියම් ලෙස ඉටිපන්දම් පොලිම් හැදෙන්නට පෙර අවශ්‍ය ඉටිපන්දම් ටික ගෙනත් තබා ගන්නා ලෙසය.

රන්ජන් ජයලාල් මෙසේ ද ප්‍රකාශ කළේය.

“ තව සති කීපයකින් ජල විදුලිය අර්බුදයකට යනවා. මාස හයකට ගල් අඟුරු  ප්‍රමාණවත් බව රජය කියනවා. ගල් අඟුරු මාස හයකට ප්‍රමාණවත් වෙන්නේ ජලවිදුලියෙන් සහ තෙල් වලින් විදුලි උත්පාදනය අඛන්ඩව කරගෙන යන්න පුලුවන්කමක් ලැබුණොත් පමණයි.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“දැනටමත් ජනතාව නොකියා පවර් කට් එකක් යනවා කියලා අප විශ්වාස කරනවා. දැනටමත් බූමි තෙල් හිඟයක් තියනවා. පවර් කට් එකක් ආවොත් බූමිතෙල්   ගන්න තවත් පෝලිම් වැඩිවේවි.  ඉක්මන් නොවුනොත් ඉටිපන්දම් හිඟයක් ඇතිවේවි. ඒ ගැන සැලකිලිමත් වෙන්න. “

Exit mobile version