විදුලි කණු හදන්න ලෙකෝ නටපු අමුතු නැටුමක් විගණනයෙන් හෙළි වේ…

ලලිත් චාමින්ද –

ලෙකෝ ව්‍යාපෘති නම් උපසමාගමක් විසින් නිෂ්පාදනය කළ විදුලි කණු 786ක් තත්වය පරික්ෂණයෙන් අසමත්විම නිසා සිදුවු අලාභය රුපියල් මිලියන 7.31ක් වි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂවය අදාලව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ සඳහන් වේ.

ලංකා විදුලි ( පුද්ගලික) සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය මත  රුපියල් 1000ක කොටස් ප්‍රාග්ධනයක් සහිතව  මෙම ව්‍යාපෘතිය ආරම්භකරණු ලැබිය.   විදුලි කණු නිෂ්පාදනය කිරිමේ ව්‍යාපෘතිය හේතුවෙන්  රුපියල් මිලියන 5.9ක්ව පැවති ලාභය  රුපියල් මිලියන 3.4ක අලාභයක් දක්වා පහත වැටි තිබු බවද විගණන  වාර්තාවේ සඳහන් වේ. එමෙන්ම මෙවැනි ඉතා සරල මෙහෙයුම් කටයුත්තක් කිරිමට  අපේක්ෂිත සමාගම වෙත  ඉහල නිලයන් සහිත කාර්යමණ්ඩල 19ක් බඳවා ගැනිම තුළ වැටුප් වශයෙන් රුපියල් මිලියන 10.29ක්වැය කරතිබුණි.

එමෙන්ම නිවරදි තත්වයෙන් නිෂ්පාදන කටයුතු සිදුකිරිම සඳහා පානදුර ප්‍රදේශයෙන් කුලියට ගත් ඉඩම සදහා මාස 10ක් තුල රුපියල් 90000ක මුදලක් කුලියක් ගෙවා තිබුනද එහිදි කිසිදු නිෂ්පාදනයක් සිදුකර නොතිබුණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


 පෙර නිෂ්පාදනය කළ වැඩබිම නැවත මාරුකොට තිබුනද  නිෂ්පාදන කාර්ය සදහා භාවිතා කළ රුපියල් මිලියන 4.16ක් වටිනා  උපකරණ විනාශවි තිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.

 

Exit mobile version