විදුලිය  පැයතුන කැපෙන්නෙ මෙහෙමයි…

power-cut

පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර තිබේ. හෙට   19 වනදා දක්වා මෙම විදුලි කප්පාදුවට අවසර ලබා දී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් ලෙස විදුලිය කප්පාදුව සිදු කෙරෙනු ඇත.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කෙරේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.


 

Exit mobile version