විදුලිය නොකැපීමට දැන් එක් පාරිභෝගිකයෙක් ගෙවන බිල රුපියල් 13 000යි… හිටපු ලංවිම සභාපති…

විදුලිය නොකපා ඉඳීම සඳහා ජනාධිපතිවරයාගේ යෝජනාවක් මත   විදුලිබල මණ්ඩලයේ ණය මුදල් පියැවීම සඳහා ඛණිජතෙල් නීතිගත සංස්ථාව වෙත වෙත මුදා හැරීමට තීරණය කර ඇති රුපියල් බිලියන 93ක   මුදල හේතුවෙන් සෑම විදුලි පාරිභෝගිකයෙකුටම රුපියල් 13000ක අමතර බිලක් ගෙවීමට සිදුවී ඇතැයි  විදුලිබල මණ්ඩලයේ හිටපු සභාපති මහාචාර්ය අනුර විජේපාල   පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වනවිට විදුලි පාරිභෝගිකයන් බිල් දෙකක් ගෙවන බවත්, එක බිලක් විදුලිය පරිභෝජනය කිරීම වෙනුවෙන් ගෙවන අතර අනෙක් බිල විදුලිය නොකපා ඉඳීම සඳහා ගෙවන බවත්ය.

හිටපු සභාපතිවරයා 43 කණ්ඩායම කැඳවූ පුවත්පත් සාකච්ඡාවක් අතරතුර මේ බව අද ප්‍රකාශ කළේය.


ඔහු මෙසේ ද කීවේය.

“මේ ගැටලුව නිරාකරණය කරගන්න මූලිව වශයෙන මේ රටට ගෙනෙන හැම තෙල් බිංදුවක්ම ඉතාම ප්‍රයෝජනවත්ව පාවිච්චි කරන මට්ටමට අපි එන්න ඕන. ඊට රජය ප්‍රමුඛත්වය ගන්න ඕන.“

“මම දැක්කා මොන ක්‍රමයෙන් හරි ලයිට් දෙන්න කියනවා. මොන ක්‍රමයෙන් හරි ලයිට් දෙන්න ගියාම ඒ සඳහා දරන්න වෙන පිරිවැය අන්තිමට දරන්නෙ කවුද?.“

“ඊයෙ මා දැක්කා රජය කියලා තියනවා විදුලිබල මණ්ඩලය පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට තියන  බිලියන 93ක්වන ණය මුදල ටෙෂරියෙන් ගෙවලා දාන්න කියලා.“

“මා ඒ බිලියන 93 බෙදුවා සමස්ථ විදුලිය පාරිභෝගිකයන් සංඛ්‍යාවෙන්. රුපියල් 1300ක් වැටෙනවා එක ගෙදරකට.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“ඒ කියන්නෙ අප ගෙවන විදුලි බිලට අමතරව අපෙන්ම අය කරන බදුවලින් ආයෙ එක් පාරිභෝගිකයෙකුගෙන් රුපියල් 13000 ගානෙ විදුලි බල මණ්ඩලයට ගෙවනවා.“
ඒ අනුව විදුලි බිල් දෙකක් තියනවා. එකක් විදුලි කපන්නෙ නැති වෙන්න ගෙවන විදුලි බිල.  අනෙක විදුලිය පරිභෝජනය කරනවාට අපි ගෙවන විදුලි බිල.“

Exit mobile version