විදුලිය කපන්න ඉලන්නෙ වෘත්තීය සමිති… එය සම්පූර්ණ වැරදි දෙයක් – මහජන උපයෝගීතා කොමිසම

විදුලි කැපීම  සඳහා  මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීම් කරන්නේ වෘත්තීය සංගම් බවත්  එය ඉතාම වැරදි සහගත ක්‍රියාවක් බවත්  එම කොමිසමේ සභාපති  ජනක රත්නායක  පවසයි.

මේ තත්වයෙන් වෘත්තීය සමිති ඈත් වී ජනතාව ව්‍යාකූල නොකර සිටීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවද සභාපතිවරයා පෙන්වා දුන්නේය.

අද (24) කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින්  ඔහු මෙසේ ද පැවසුවේය.


“ලංකා විදුලිබල මණ්ඩලය මගින් අපෙන් ඉල්ලීමක් කරලා තියනවා ජනවාරි 25 සිට පෙබරවාරි 04 දක්වා දෛනිකව විදුලි කප්පාදුවකට යෑමට සිදුවන නිසා ඒ සඳහා අවශ්‍ය අනුමැතිය ලබා දෙන ලෙස.“

“මෙයාලා අපෙන් ඉල්ලන පලවෙනි ෂෙඩුල් එකෙන් කියන්නේ  දවසකට පැය එක හමාර කපන්නෙ දැවි තෙස් සහ   වෙස්ට් කොස්ට් ප්වර් ප්ලාන්ට් ඒක නැති නිසා.. ඒ අනුව පැය එක හමාරකට යන්න….“

දෙවෙනි එක ඩීසල් දැවිතෙල් මුකුත් නැති නිසා පැය 06කට යන්න වෙනවා කියන එක.

තුන්වෙනි එක ඩීසල් නෑ, දැවි තෙල් නෑ, අවම ජල විදුලි නිශ්පාදනය… පැය 09ක විදුලි කප්පාදුවක් තමයි ඉල්ලන්නෙ.

“ඒ අනුව ඒ නිර්දේශය හෙට තමයි ලබා දෙන්නේ. ඒ උනත් මා හිතන්නෙ නෑ දේශපාලන අධිකාරිය විසින් ලබා දී තිබෙන සහන නිසා විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවයක් ඇති වේවි කියලා.“

“දැන් මේ ට්‍රේඩ් යුනියන් එකෙන් තමයි තීරණය ඇයි කපන්නෙ, කීයට ද කපන්නෙ කියන එක. ඒක සම්පූර්ණ වැරදි දෙයක්. “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


“මා හිතනවා වෘත්තීය සමිති මේකෙන් පොඩ්ඩක් ඈත් වෙලා මහජනතාව ව්‍යාකූල තත්වයකට පත් නොකර ඉන්නවා නම් ඒක වැදගත් කියලා. “

Exit mobile version