විදුලිබල ඇමති ලොකුගේට කොවිඩ්… සඳහිරු සෑය විවෘත කිරීමේ උත්සවයටත් එක් වෙලා…

විදුලි බල අමාත්‍ය ගාමිණී ලොකුගේට කොවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

ඔහු ඇතුළු කාර්ය මණ්ඩලයේ 08 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.   ඇමතිවරයා  පසුගියදා ජනාධිපතිවරයා සහ අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් අණුරාධපුරයේ පැවති සඳහිරු සෑය විවෘත කිරිමේ අවස්ථාවට  ද සහභාගී වී ඇතැයි වාර්තා වේ.

කොවිඩ් රෝග ලක්ෂණ ඇති වීමත් සමග  අද (22) ඒ සම්බන්ධයෙන් සිදු කළ ඇන්ටිජන් පරීක්ෂාවකදී තහවුරු වී ඇත්තේ ඇමතිවරයාට කොවිඩ් – 19 ආසාදනය වී ඇති බවය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට ඇමතිවරයා ප‍්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් වී සිටී.

 

Exit mobile version