විග්නේස්වරන් හා මාවෙයි රහස් සාකච්ඡාවක

දිනසේන රතුගමගේ

ඉලංකෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා සහ තමිල් මක්කල් තේසීය කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේස්වරන් මහතා අතර විශේෂ හමුවක් 19 දා සවස යාපනයේදී පැවැත්වුණි.

විග්නේස්වරන් මන්ත්‍රීවරයාගේ කාර්යාලයේදී මේ හමුව පැවති අතර මෙහිදී උතුරේ දෙමළ දේශපාලන පක්ෂ යළි එකමුතු කරවීමට ඇති අවශ්‍යතාවය පිළිබදව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බව වාර්තාවේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පැය දෙකක කාලයක් පැවති මේ සාකච්ඡාව හුදෙක් පෞද්ගලික හා රහසිගත සාකච්ඡාවක් බවත් එම සාකච්ඡාවට ඔවුන් දෙදෙනා හැර වෙනත් කිසිවකු සහභාගී නොවූ බවත් වාර්තාවේ.

Exit mobile version