විකෘති බැරලෝහ වාර්තාව පසුපස ඉන්නේ මෝල් හිමියන් ද?. කෘෂිකර්ම විද්වත්හු ප්‍රශ්න කරති…

Stocks-of-rice

ආනයනික සහල් පිළිබඳ මාධ්‍ය මගින් ප්‍රකාශිත  දත්ත වාර්තාවන් සම්පූර්ණයෙන් අසත්‍ය බවත් මේ ක්‍රියාත්මක වෙමින් ඇත්තේ  ආනයනික් සහල් නතර කර දේශීය සහල් මිල වැඩිකිරීමට  මෝල්හිමියන් විසින් ගෙන යන කූඨ වැඩපිළිවෙලක් විය හැකිදැයි විමසිය යුතු  බවත් ශ්‍රි ජයවර්ධනපුර  විශ්ව විද්‍යාල‌යේ කෘෂිකර්ම හා පරිසර තාක්ෂණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ  කථිකාචාර්ය ආචාර්ය ප්‍රදිප් ගජනායක  සදහන් කරයි.

ආහාර ද්‍රව්‍ය වල බැරලෝහ අන්තර්ගත විය නොහැකි නමුත් භාවිත කරන රසායනික පොහොර හේතුවෙන් එහි බැරලෝහ අන්තර්ගත වන්නේ නම් එය ඉතා සුළු වශෙයන් විය යුතු බවන් උදාහරණයක් ලෙස සහල් කිලෝඑකක් තුළ කැඩ්මියම් අන්තර්ගත වන්නෙ නම් එය මිලිග්රෑම් 0.02ක ප්‍රමාණයකට අඩු  විය යුතු බවත්  ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කෙසේ නමුත් මේ වන විට‌ අපට විදේශයන්ගෙන් ලැබෙන සහල් සහනාධාරයන් පවා ලබා ගැනිමට මිනිසුන් තුල බියක් හට ගැනීමක් අනිවාර්යයෙන්ම සිදුවනු ඇති බැවින් මෙවැනි මාධ්‍ය වාර්තාවන් වහාම නිවැරදි විය යුතු බව ආචාර්යවරයා පෙන්වාදේ.

Exit mobile version