විකෘතිත් ඩබල් කොවිඩ් ප්‍රභේදයට ලංකාව සීරුවෙන්

ඉන්දියාවෙන් කොවිඩ්-19 වයිරසයේ නව ද්විත්ව විකෘතියක් අනාවරණය වීමෙන් පසුව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය බලධාරීන් ඒ පිළිබඳ සෝදිසියෙන් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකාවට ඇතුළු වන විදේශිකයන්ගේ සාම්පල අහඹු ලෙස පරීක්ෂා කරමින් COVID-19 හි සියලුම නව විදේශීය ප්‍රභේදයන් පිළිබඳ සොයාබලන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

ගෝලීය වශයෙන් COVID-19 හි නව විකෘති රාශියක් ඇති බැවින් සියලු පූර්වාරක්ෂාවන් ගනිමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම නව ද්විත්ව විකෘති ප්‍රභේදය පසුගිය වසරේ දෙසැම්බරයේ මහාරාෂ්ට්‍රයේ නාග්පූර්හිදී ප්‍රථම වරට අනාවරණය වීමෙන් පසුව එය ප්‍රාන්ත 18 ක් දක්වා ව්‍යාප්ත වී ඇති බව ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Exit mobile version