විකට නළු බන්දු සමරසිංහ ඉතාලියේ කන්සියුලර් තනතුරට…

විකට නළුවක් වන බන්දු සමරසිංහ   ඉතාලියේ මිලාන් නුවර නව කන්සියුලර්වරයා ලෙස පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය ආරංචි මාර්ග  ඔස්සේ වාර්තා වේ.

ඉතාලියේ මිලාන් නුවර කන්සියුලර්වරිය වූ නීලා වික්‍රමසිංහ   අභාවයෙන් හිස් වූ කන්සියුලර් තනතුර සඳහා බන්දු සමරසිංහ පත්  කර තිබේ.

මෙම තනතුර හිස් වූ දා සිට එම තනතුර සඳහා බන්දු සමරසිංහ සමග කිහිපදෙනෙක්ම තරග කළ බව සමාජ මාධ්‍ය වාර්තා කර තිබිණි.


අවසානයේ දී එම තනතුර බන්දු සමරසිංහ වෙත ලබා දීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුමැතිය ලැබී ඇතැයි වාර්තා වීමත් සමග ඉතාලියේ මිලානෝ නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයින්    ඔහුට   විරෝධය දක්වමින් උද්ඝෝෂණයක්  මිලානෝ නගරයෙ සංවිධානය  කර තිබුණු බව ද සමාජ මාධ්‍ය    වාර්තා කළේය. .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


බන්දු ඇතුළු පොහොට්ටුවේ නළු නිලි සංසදයේ කණ්ඩායමක් ඉතාලියේ කොන්සියුලර් තනතුර සඳහා තරග වදින බව ආරංචි වූ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර මීට  මසකට පමණ පෙර සිට මෙම පෝස්ටුව හුවමාරු වෙමින් තිබිණි.

Exit mobile version