වැලි ලොරියට පොලිස් නිලධාරියා යටකළේ කලින් වැටලීමට පළිගැනීමටදැයි සැකයක්

කොබෙයිගනේ හාතලව ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස දැදුරු ඔයෙන් වැලි ප්‍රවාහනය කරමින් සිටි ලොරියක් නැවැත්වීමට උත්සාහ කරද්දී එම පොලිස් නිලධාරියා හප්පා ඝාතනය කර පළා ගිය රියදුරා එම ප්‍රදේශයේ නීතිවිරෝධී වැලි ජාවාරමට සම්බන්ධ පුද්ගලයකු බවත් මියගිය නිලධාරියා මෙම වැලි ව්‍යාපාරිකයාගේ අනවසර වැලි ටිපර් රථයක් මීට කලින් අත්අඩංගුවට ගෙන තවමත් පොලිස් භාරයේ පවතින බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

වෙනත් පුද්ගලයකුට අයත් ලොරියකින් ඔහු වැලි ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ අත්අඩංගුවට ගන්නට ගිය අවස්ථාවේ ඔහු විසින් මෙම අනතුර සිදු කොට ඇති අතර මෙය සාවද්‍ය ලෙසින් සිදු කරන ලද මනුෂ්‍ය ඝාතවයක් බව පොලිසිය සඳහන් කරයි.

මෙම රියදුරා අද පෙරවරුවේ නිකවැරටිය ප්‍රද්ශයේදී අත්අඩංගුවට පත් වූ අතර අනතුරට මුල් කර ගත් ටිපර් රථය ද කුලියාපිටිය ප්‍රදේශයේ නවතා දමා තිබේ.


මිය ගිය 32 හැවිදිරි පොලිස් නිලධාරියා රස්නායකපුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර කලක්වපොලිස් විශේෂ කාර්ය සාධක බලකායට අනුයුක්තව සේවය කොට පොලිස් සේවයට පැමිෙණි නිලධාරියෙකි.

ඔහු ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා හමුවේ වහා ක්‍රියාත්මකවූව දක්ෂ තරුණ පොලිස් නිලධාරියකු ලෙස සැලකෙන අතර දැදුරු ඔයේ අනවසර වැලි ගොඩදැමීම් සිදුකරන ජාවාරම්කරුවන් කිහිප දෙනුම නීතිය හමුවට ඉදිරිපත් කිරිමට සමත් වී ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම අනතුර සිදු කළ වැලි ව්‍යාපාරිකයා විසින් මීට කලින් සිදු කරන ලද තහනම් වැලි ප්‍රවාහනයකට එරෙහිව ඔවුන් නීතිමය පියර ගැනීම නිසා තවමත් එම ලොරි රථය පොලිස් බාරයේ පවතින බව සඳහන් වේ.

Exit mobile version