වැලි ටිකත් අවුලක… මනම්පිටිය වැලි ගොඩදමන කම්කරුවන් – මංකඩ ලාභීන් වැලි වර්ජනයක…

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව මනම්පිටිය මහවැලි ගඟේ වැලි ගොඩ දමන කම්කරුවන් හා වැලි මංකඩ ලාභින් වැලි ගොඩ දැමිම හා පැටවීම වර්ජනය කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ කම්කරුවන්ට මෙතෙක් වැලි ගොඩ දැමීමට කියුබ් එකක් සඳහා ගෙවන ලද රුපියල් 2200ක මුදල 2700 ක් කිරිමට ටිපර් රථ සංගමය විරුද්ධ වීමයි.


භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුබද්ධ ආයතනයක් වූ පරිසර අමාත්‍යාංශය දියත් කර ඇති මනම්පිටිය වැලි කැණීම් ව්‍යාපෘතිය මෙහෙයවන ජී.එස්.එම්.බී. තාක්ෂණික සේවා පුද්ගලික සමාගම මගින් අද සිට වැලි කියුබ් එකකට  රුපියල් 1620 ක් වැඩි කර ඇති අතර ඉන් මංකඩ ලාභියාට රුපියල් 500 ක් හා කම්කරුවාට 500 ද ඉතිරි 620 සමාගමේ නඩත්තුව යොදා ගැනේ.

එහෙත් එම මුදල කම්කරුවන්ට නොලැබෙන බවත් ටිපර් කරුවන් ඊට එරෙහි වී ඇති බවත් කම්කරුවෝ කියති.

“ වැලි කියුබ් එකක් ගොඩ දැමීම වෙනුවෙන් රුපියල් 2200 දෙන්නේ මනම්පිටියේ විතරයි. කන්තලේ, වැලිකන්ද ප්‍රදේශවල ඒ සඳහා රුපියල් 4000 ක් දෙනවා.  අපෙන් වැඩ අරං අපිව සමාගම සූරා කනවා. සමාගම ශුද්ධ ලාභ ලබනවා. අපි දුක් විදිනවා. වැඩි වූ ගානවත් අපිට දෙන්න ටිපර් කරුවෝ විරුද්ධයි. දැන් මංකඩ ලාභීනුයි අපියි එකතු වෙලා අපිට සාධාරණයක් වන තුරු සමාගමටත් ටිපර් කරුවන්ටත් වැලි දීම වර්ජනය කරනවා.“

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වර්ජනයේ නියුතු කම්කරුවෙක් ලංකාසරට පැවසීය.

Exit mobile version