වැලිසර ලය රෝහල පොලිස් මුරපොලේ කොස්තාපල් ලක්ෂ 40ක මත්කුඩු සමග අත්අඩංගුවට

වැලිසර ළය රෝහල පොලිස් මුරපොළේ රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල්වරයෙකුව මත්කුඩු තොගයක් සමග පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අත් අඩංගුවට ගත් අවස්ථාවේ දී පොලිස් කොස්තාපල්වරයා ලඟ තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 107ක් සහ ඔහු පදිංචි  මුල්ලේරියාව ජයන්ති මාවතේ නිවසේ තිබී තවත් මත්කුඩු තොගයක් ද අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය  බලකාය පවසයි.

මෙසේ කොස්තාපල්වරයා සතුව තිබී  සොයාගෙන ඇති මතුක්ඩු ප්‍රමාණය ග්‍රෑම් 400ක් බවත් එහි වටිනාකම ලක්ෂ 40කට අධික බවත්  පැවසේ.


මෙම පොලිස් කොස්තාපල්වරයා සංවිධානාත්මක අපරාධකරුවෙක් වූ නේවි රුවන් නැවැති අයට අයත් මත්කුඩු ප්‍රවාහනය කරන බවටද තොරතුරු අනාවරණය කරගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සැකකාර පොලිස් කොස්තාපල්වරයාගෙන් ප්‍රකාශ සටහන් කරගනිමින් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

Exit mobile version