වැලිකඩ සිරකරුවන් පිරිසක් පොදු සමාව ඉල්ලා වහළට නගී

මරණ දඬුවම් ලබා වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 20 දෙනකු පමණ අද (24) පස්වරුවේ වහළයට නැගී විරෝධතාවක නිරත වන බව වාර්තා වේ.

ඒ තමන්ට පොදු සමාව ලබාදෙන්නැයි බලධාරීන්ගෙන් ඉල්ලමිනි.

අද පස්වරුවේ මහර බන්ධනාගාරයේ රැඳවූවන් පිරිසක් ද ආහාර වර්ජනයක් ඇරඹූ බවට වාර්තා විය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙම විරෝධතා මතුව ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළුව රැඳවූවන් පිරිසක් අද පොසොන් පොහාය යෙදීම නිමිත්තෙන් ජනපති සමාව ලබා නිදහස ලැබූ පසුබිමක දී ය.

Exit mobile version